episode 03

141 26 12
                                    

රෑ කෑම කාලා ඇවිත් මම නිදා ගත්තා. මිනුද් ගෙ පවුලේ අයත් අවුලක් නෑ හෙන හොද වැදගත් මිනිස්සු.  මිනුද් නම් කෑම කෑවට වඩා කරේ අතගාපු එක ..මං දිහා බැලුවෙවත් නෑ .මීට වඩා හොදයි යකෝ මනමාලියෙක් බලන්න ගියා නම්. අඩුම තරමේ ඒකී හෙප්පුව දෙන්නවත් ඔලුව උස්සල බලනවනෙ. මේක බලහන්කෝ පුදුම කෝලමක් නෙ ..

දවස් ගෙවුනා. මිනුද් හැමදාම උදේට මට කලින් යනවා ..පලවෙනි දවස් දෙකෙ මිස් වුනත් ඊටපස්සේ දවස් දෙකෙ නම් මම උදේ පාන්දර නැගිටලා පොත් කියෙව්වා බැල්කනියේ ඉදන්..ඒ හන්දා මිනුද් ඒ දවස් ටිකෙ මටත් අත වනාගෙන good morning කියල දුවනවා...
මිනුද් එක එක sport club වලටයි  music brand practice වලටයි ටියුෂන් ක්ලාස් වලටයි හවස නතර වෙලා එනකොට සමහර දාට රෑ හතත් පහු .. ඩයල් එක කොච්චර මහන්සි වුනත් මගේ කෑම එක අරන් ඇවිත් විනාඩි පහලොවක් වත් දවසෙ වුන දේවල් හරි කියව කියව ඉදල යනවා ..

" අම්මෝ බාගෙට මැරිල වගේ ඕයි මගේ කකුල් නෑ වගේ..."

මිනුද් ඇවිත් කෑම එක මේසෙන් තියල මගේ ඇදේ පෙරලුනා. කොල්ලගෙ මූණෙන් ම පේනවා තෙහෙට්ටු පාට ...

" අද මොනවද practice.."

" badminton.."

" විභාගෙ ලගයි කියලවත් ඔයාලට බුරුලක් දෙන්නැත්ද බන්..."

" නෑ නෑ බල කරන්නෑ මම ආසාවට යන්නෙ ..."

" එහෙනම් ආසාවෙන් විඳවපන්..."

මම ගාව තිබුන බෙහෙත් ටියුබ් එකකුත් අරන් ගිහින් ඇදේ පැත්තකින් වාඩි වෙලා මිනුද් ගෙ කකුල් දෙක ඔඩොක්කුවට අරගෙන බෙහෙත් ටියුබ් එක ගාලා හොදට මසාජ් කරා ...
පව් කකුල් අත ගාන කොට ඇස් දෙක පියාගෙන ඉන්න විදිහෙන් තේරෙනවා ඇග  හොදටම අමාරු ඇති කියලා. කිව්වට අහන්නෙත් නෑනේ ...
ඒ කිව්වට  ඉස්සර අපිත් ඔහොම තමයි නෙ . කකුල් කැඩෙනකල් හරි එහෙට මෙහෙට දුවලා පැනලා ඉන්නවා. කොල්ලොනෙ..
මම අත ගාලා ඉවර වෙලා කකුල් දෙකත් ඔඩොක්කුවෙන් අයින් කරල තියල නැගිට්ටා..

" අනේ ඔලුවත් රිදෙනවා නෙ ..."

" මේක හරි වැඩක් නෙ ..යනවා ගිහින් නවතිනව hospital...පව් කියල පොඩ්ඩක් කකුල් දෙක අත ගෑවම තීන කපටිකමට..."

කඩදහි ඔරු (complete) Where stories live. Discover now