හෙවණැල්ල ඇත තාමත් දිනපොතෙහි අග
කෙඳිරිල්ල ඇසෙයි කන් පෙත්තක දුර ..
නවතින්න මායිමෙන් අඩියක් මෙහෙට පැන
ඉහිරන්න සීකඩ අහුරු පුරවාගත් පෙමඇස් කෙවිනි කිස් කවන
උස් සුසුම් පොදි මවන
කෙස් දිගෙ බිම හැලෙන
දොස් කොයිබ කොයි කියන...ගුරු පැහැති හීන ගෙන අපි දෙතැන අලවමු
හිත් පෑරි ගෙන විට දෙඅත් ගෙන හිනැහෙමු
රැස් ගහන කටු පොකුරු ඇස් කූද්දා බලමු
චිමිනි සුසුමක් උනත් තෙත් අගක පතුරමු..♡ copid poetry
ආදරය කියන්නෙම වැස්සක් වගේ දෙයක්..
හීන් හිරි පොද වැස්ස හරියට පලමු ප්රේමයේ ප්රථම අවස්ථාව වගේ. ඒක ආදරණීය මුදු සුමුදු හැගීමක්. ඒ වැස්සෙ තෙමෙන්න හැමෝම ආසයි. කවුරුත් ඒ වැස්සෙන් පැනල දුවන්නෙ නෑ බයට . කවුරුත් කුඩයක් වත් ඉහලන්න උනන්දු කරන්නෑ...
වැස්ස එක්ක හුලං අල්ලනවා..එතකොට එතකොට නම් ටිකක් වැස්ස නපුරු වෙන්න ගන්නවා. අහසින් කඩන් එක එල්ලේ වැටුන වැහි බින්දු හුලං එක්ක සෙල්ලම් පටන් අරන් එක එක අතට එක එක දිශාවට වේගෙන් ඇග තෙම්මනවා
ආදරයේත් මෙහෙම කාලයක් එනවා.
කොහොම කාලයක් ද ..? වැහි එන්නේ කොයි අතටද කියල හිතා ගන්න බැරි කුඩය අල්ලන්නෙ කොයි අතටද කියල හිතා ගන්න බැරි කාලයක්..
ඊටපස්සේ ආදරය වගේම වැස්සත් රලු වෙනවා ..වැහි බින්දු ඉදිකටු වගේ ඇගට වැටෙද්දි රිදෙනවා .මහ හයියෙන් අනෝරාවක් වෙලා වහන්න ගන්නවා කුඩ පවා හිල් වෙන්න .අකුණු සට සට ගාලා පුපුරනවා හිත් බය කරන්න. ඒ වැස්සෙ කුඩෙන්වත් යන්න බෑ ..එතකොට අපි සෙවණක් හොයාගෙන ගිහින් වැස්ස පායනකල් ඉන්නවා. ආදරයේත් එහෙම කාලයක් එනවා.
ඔන්න වැස්ස ටික ටික අඩු වෙනවා ...
එතකොට අව්ව පායනවා.. ඒ ගමන් වැහි බින්දුත් වැටෙනවා...ඊටපස්සේ දේදුන්න පායනවා.
ඒ තමයි ආදරයේ හොදම හරිය...එතනින් එහාට මුකුත් කියන්න ඕන නෑ ඒ ආදරය සදාකාලිකයි..මගේ ජීවිතේ හීන් හිරි පොද එක්ක මුලින්ම දේදුන්න අරන් ආවේ මිනුද්..ඊටපස්සෙයි හීන් හිරි පොද අකාලයේ අනෝරා වැහි කෝඩයක් වුනෙ ...
ඒත් ඒ ආදරය සදාකාලිකයි. මිනුද්ගෙන් මට ලැබුන ආදරය සදාකාලිකව. මගෙන් මිනුද් ට ලැබුන ආදරයත් සදාකාලික යි
YOU ARE READING
කඩදහි ඔරු (complete)
General Fictionවැහි ලිහිණියෝ වැහි අරන් දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින් කඩදාසි ඔරු තනි වුනා වැහි නැතිව මග තනි වුනා ... ☆____________________________☆ " ඔබ නැතුව මම තනි වුනා ☆____________________________☆