episode 06

169 19 17
                                    

නියං පොලොවට පාත් වෙන පලවෙනි වැහි කෝඩය තමයි ලස්සන ම ...දූවිලි සුවඳ ඉහ වහා යන ගහ කොල පණ ගහන ඒ වැස්ස  තමයි ලස්සන ම ....
මනුස්සයෙක් ගෙ ජීවිතයේ පලවෙනි ආදරය නෙවෙයි ඇත්තටම ලබන පලවෙනි ආදරය ත් හරියට ඒ වගේ දෙයක්.

මං ඉදියේ හිත ඇතුලේ පිනුම් ගහන සතුටකින්. මට මිනුද්ගෙ ආදරය දරා ගන්න ම වෙනම හයියක් හොයා ගන්න සිද්ධ උනා...
එයා හරි ආදරණීය පිරිමි ලමයෙක් . දකින දකින පාරටම මතක් වෙන හැම පාරක් ගානේම මට හිතුනේ එහෙම. එයාගේ කෝලම් එක්ක දලු දාන ආදරය දවසින් දවස වැඩි වෙලා කාලේ ගෙවුනෙ ඊයක වේගයෙන්..

" මොනාද මමී මං දවසම පන්ති ත් ගිහින් ඇවිල්ලා පාඩම් වැඩත් කරල පෝන් එක ගත්තට පස්සෙ එස්රා නහයෙන් අඬනවා. මං ගත්තොත් එයාට ඔක්කොම ඕන ...මොන මල වදයක් ද ...."

" කමක් නෑ කමක් නෑ තමුසෙ ආයෙත් ගේම් ගහන්න පුරුදු වුනහම මට බෑ ඕවයෙන් බේර ගන්න .මතකනෙ ගිය පාර තාත්තගෙන් හොදට කෑවා....තියන්න පෝන් එක මගෙන් ගුටි නොකා ..."

" අනේ අම්මේ තව විනාඩි පහයි plz "

" නෑ නෑ මම දැන් එකපාරක් කිව්වනෙ ගුටි නොකා පෝන් එක තියනවා.."

" ආ තියා ගන්න අනේ ...මට ඕන කෙහෙල් මල් පෝන් එකක් නෑ ..."

"  මිනුද් කටේ සද්දේ වැඩියි .අර ලමයෙක් උඩ තට්ටුවෙ ඉන්නවා මීක් නෑ .ඔහොම කෑ ගැහුවම කොහොමද ඒ දරුව වැඩ කරගන්නෙ ...ආ මේ බත් එක ඒ දරුවට දීල ඇවිත් කෑම කනවා මට වද නොදී....යනව ඉතින් මෙතන රවන්න පුප්පන්න තියා ගන්නැතූව..."

" මට ඕන බතක් නෑ ...."

කර කර ඉදපු assignment එක පැත්තකට දාලා මම කන දාගෙන ඉදියේ පහල අම්මගෙයි පුතාගෙයි රණ්ඩුවට ..ඔන්න ඇහෙනවා පඩි පෙල දිගෙ ඇතෙක් නගිනවා වගේ හයියෙන් අඩි හප්ප හප්ප නගිනවා. දැන් ඇවිල්ලා මාත් එක්ක ත් එල්ලෙන්න හේතුවක් හොයයි ටක්කෙටම. මම පෝන් එකත් අරන් බැලුවේ කෝකටත් සැකේට මොනවහරි කොණක් වත් තිබුනොත් කියලා. බයටම නෙවෙයි ඉතින්....මම ඉතින් කීකරු සැමියනෙ. ගෑනු පරාදයි කියවන්න ගත්තහම ඕක ..

ඔන්න ආවා දොර ඇරගෙන ...මූණ අබ අහුරක් දැම්මොත් පුපුරන සයිස් එකෙ ...
බත් එකත් පිගාන බිදෙන්නම වගේ හයියෙන් මේස උඩ තිබ්බා .මේකට කේන්ති ගියහම බඩු මුට්ටු වලින් තමයි කේන්තිය ප්‍රකාශ කරන්නෙ ...පස්සෙ කාලෙක මට මාස ගානෙ ගෙදරට පිගන් බඩු ගේන්න වෙයි වගේ....

කඩදහි ඔරු (complete) Where stories live. Discover now