episode 05

153 22 5
                                    

මිනුද් මං ලග ගිටාර් එකත් තියල පල්ලම් බැස්සෙ වෙනදට මම නොදැකපු මූණක් තියාගෙන ...
වෙනදට එයා යන්නෑ අම්මා අඩගහනකල් ම ..අද ගියා වැඩ වගයක් තියෙනවා කියලා.
හරි කමක් නෑ ඒකට නම්. වෙනදට යන්න කලින් තුන් හතර පාරක් ම ආපහු හැරිලා බලනවමයි
අද එහෙම නෑ ...මගේ හිතට ඒක අවුල්
සමහර විට මම හිතනවා වැඩියිද මන්ද. මටත් පිස්සු හැදීගෙන එනවද කොහෙද ...ඕන්නැති විකාර මවන් බොරු වට මූඩ් ගහනවා ...

●__________________,__,_,,,____________●

ඒක මම හිතෙන් මවා ගත්ත විකාරයක් නොවී ඇත්තක් වුනා ...මිනුද් ආවේ නෑ මාව බලන්න.
අද තුන්වෙනි දවස ..මේ දවස් ටිකේම කෑම එක පවා ගෙනාවේ මිනුද් ගෙ අම්මා. මම උදේ ඇහරෙන්නත් කලින් එයා ගෙදරින් ගිහින්. ගෙදරට කොයි වෙලේ ආවද කියලවත් හොයා ගන්න බෑ ..
එක අතකට මිනුද් එහෙම කරන එක හොදයි කියලා මම හිත හදා ගෙන මගේ පාඩුවේ ඉන්න බැලුවා ...

බෑ දෙයියනෙ මට ඒක කරන්න බෑ ...
මට ඌව පිස්සු හැදෙන්න තරම් මතක් වෙනවා .නිදා ගන්නකොට ත් හීනයක් වෙලා හරි ලග ඉන්නව. දවල් දවසෙම මට ඒකව මතක් වෙනවා. මට මෙලෝ වැඩක් හරියට කරගන්නත් බෑ ..කන්නවත් හිතක් නෑ ..මෙලෝ දේකට ආසාවකුත් නෑ ..මම ඉදියේ තෝන්තුවාවෙන් වගේ.
මිනුද් අද එයි හෙට එයිකියලා හිත හිත මම බලන් ඉදියා ..මම ආන්ටිගෙන්වත් ඇහුවේ නෑ මිනුද් ගැන . මගේ පොඩි අමුතු ගතියක් තියෙනව මම මගේ emotions පෙන්නන්න කැමති නෑ..ඒක නිසා කෙනෙක් මම හිතන් ඉන්නවට වඩා මම වෙනස්..

මම මිනුද් ගැන වද වුනෙත් කාටත් හොරාට..
ඒත් මගේ හිත දැන් මටම හොරයි. මට මිනුද් ව කොච්චර ඕනද කියල දැනුනේ මේ දවස් තුනේදී.

●___________________________●

මම හිතන් ඉදියේ අදවත් මේ ඇටයා කොහෙන් හරි මතු වෙයි කියලා..හැබැයි මතු වුනෙ අමුතුම තැනක ..
මම පොඩීට කෝල් එකක් අරන් වල් පල් කියව කියව හිනා වෙවී කාමරේ එහාට මෙහාට ගියා ...
මට නිකම්දොර ගාව බැලුනම මෙන්න ඉන්නවා මිනුද්. මං දන්නෑ මාව ශොක් වුනා වගේ..මට තාම මිනුද් ව පලවෙනි වතාවට දැක්කා වගේ දකින දකින පාරට මාව ගල් වෙනවා
මිනුද් ඉදියේ නම් ශෝර්ටකුයි ටී ෂර්ට් එහෙකුයි ගහලා. ඒ කියන්නෙ අද ඉස්කෝලෙ ගිහින් නෑනේ .එහෙනම් මොන රෙද්දක් කරනවද මන්ද ගේ අස්සෙ වැදිලා. දැන් එකයි වෙලාව ..ඒ වෙනකන් මූ ගෙට වුන කෙල්ල වගේ ඉදියේ නිකමට උදේ කෑම එකවත් අරන් එන්න බැරි ද ..
නිකම් මගේ ඇගේ ලේ පූච්චනවා. මට ආපු කේන්තියත් එක්ක මම කිසිම emotions එකක් පිටට නොදී හිස් හැගීමෙන් බලන් ඉදල අහක බලා ගත්තා..

කඩදහි ඔරු (complete) Where stories live. Discover now