♡I remember you♡
_____________________"මං දැනන් හිටියා තෝ අපිට පාඩුවෙ ඉන්න දෙන්නැති බව..ඒ කියන්නේ මේක පිටිපස්සෙ ඉන්නේ උබ😤"
_____________________🩷 : ඔප්පා තෑන්ක්ස් ගෙදරට ගෙනත් දැම්මට එහෙනම් පරිස්සමට යන්න. ඔම්මවයි, අප්පවයි මතක් කරා කියන්න..
👱🏻♂️ : හරි යූනා
🩷 : බේබී...ඔයා කොහෙද මං ආවා...
කෝ මෙයා..රූම් එකේද ඔයා..🙄
අහ්..මේ ඉන්නේ..ඔයා
මොකද කරේ...🖤 : මොනා කරන්නද ඉතිම් ඔයා නැතුව පාලුවෙන් හිටියේ..🥲
(ඔව් ඔව් ඔයාලා හිතන කෙනා තමා🥲)
🩷 : අනේ..සොරි බේබ්..ඔප්පා එක්ක පාටි වලට ගියාම ඔහොම තමා ඉතින්😒
🖤 : හරි හරි දැන් ඔයා ආවනේ..මේ මට මාර තිබහයි අනේ බොන්න මොනාහරි ගේන්නකෝ😚
🩷 : මේ අද මාර වැඩක් උනානේ club එකේදී
🖤 : මොකක්ද?
🩷 : කවුද මන්දා මිනිහෙක් එයාගෙ කෙල්ල කියලා මට රැවටිලා...මට හිතුන විදිහට එයාගෙ කෙල්ල අතුරුදහන් වෙලා හරි මැරිලා හරි තමා ඒ මනුස්සයා ඒ විදිහට හැසිරුනේ..
මොකක්ද මේ නම..මේ... මි..මින්හා..ඔව් ඔව් මින්හා කියලා නමක් තමා කිව්වෙ😕
🖤 : ඔමෝ එහෙමද..👀ඒ මිනිහගෙ නම මොකක්ද මොන වගේද ඌ
🩷 : මොකක්ද නමක් කිව්වා මට මතක නැ..එයාගෙ හැඩරුව නම් උසයි, බෝල ඇස් තිබ්බෙ එයාට හරි කියුට් පාටයි..ඒත් නපුරුයි වගේ
🖤 : ඔයා එච්චරටම එයා දිහා බලන් හිටියද🙄
🩷 : අනේ නැ නැ ඒ මනුස්සයා මාව ඇදලා ගත්තනේ.. එතකොටයි දැක්කේ..
හැබැයි සේහුන් එයාගෙ කටහඬ ඇහෙද්දි, ඒ මූණ දකිද්දි නිකම් කලින් දැකලා පුරුදු කෙනෙක් වගේ හිතෙනවා..
මං ඔයාට කියනවා නේද හැමදාම මට රෑට එක හීනයක් පේනවා කියලා..ඒ හීනෙන් පස්සෙ මාව ගැස්සිලා ඇහැරෙන්නේ.
🖤 : හරි ඉතින් ඒ හීනෙයි මේ මිනිහයි අතර තියන සම්බන්ධෙ මොකක්ද🙄
🩷 : මට ඒ හීනෙ කටහඬක් ඇහෙනවා..තව කාගෙද මන්දා ඇස් දෙකක් පේනවා.. එච්චරයි. පස්සෙ ගැස්සිලා ඇහැරෙන්නේ..😕
YOU ARE READING
♡ I REMEMBER U ♡
Romance"මින්..හා මැ..ණි..ක..අ..නේ.. ඇස්..අරි..න්නකෝ.... ඔහො..ම..ඉන්න...එ..පා..අනේ..මට..බයයි..."