අයියගේ දිලිසෙන ඇස් මගේ සිහිය හොරාගද්දී ඇස් වහන් ඒ දිලිසෙන .. මට අමුතුම කතා ගොඩක් කියන ඇස් දෙක මතක් කරන් මන් සින්දුව කිව්වා ගිටාර් එකත් ප්ලේ කරන ගමන් ... හැබැයි සින්දුව සින්හල ආසුට මියන්ට අයියට එහෙම නම් තේරෙන්නත් නැතිව ඇති .. හරියට අපි තේරුම තේරෙ නැතුව කටත් ඇරන් කොරියන් සින්දු අහනවා වගේ ...!! හැබැයි විශ්වාස කරන්න මන් සින්දුව ඉවර වෙලා අයියා දිහා බලද්දි එයාගේ ඇස් දෙක මාව පිස්සු වැට්ටුවා ...
ඒත් ... පොඩ්ඩක් ඉන්න ..පොඩ්ඩක් ඉන්න....
නිල් පාට ඇස් දෙකක් ....!!!!!!!!!!!!!!!
.
.....................................................................
මං දෙතුන් පාරක්ම ආපහු ඇස් පිය ගහලා බැලුවේ මං දැක්ක දේ ... මං දැක්කා අයියාගෙ ඇස් නිල් පාට වෙලා තියෙනවා ... !! සිරාවටම මන් දැක්කා .. ඒත් මං ආය බලද්දි එහෙම පෙනුන් නැහැ ..අයියගේ සාමාන්‍ය දිලිසෙන කලු ඇස් ආදරේ පුරවගෙන මං දිහා බලාගෙන ඉන්නවා .. ඇත්තටම මං හෙනටම ආදරෙයි අයියගේ මේ හිනාවෙන කථාකරන ඇස් දෙකට ....
මං හිතන එක පස්සට දැම්මා නිල් ඇස්ගැන .. මට පට්ට කුතුහලේ තමයි යකෝ මගේ වටේ වෙන දේවල් ගැන ඒත් මොකද්ද මන්දා හේතුවකට ඒ දේවල් ගැන හිතන එක මං හෙනට පස්සට දානවා .... !! මේ මොහොත විදිමු අභියෝ දැන් ....
මං කල්පනා කර කර ඉද්දි අයියා ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තා ... සීතල හුළං මුහුණේ වැදිලා යද්දී සීතල වයිබ් එකට සෙට් වෙන්න තමන් ආදරේ කරන කෙනාම තමන්ව වැළඳගෙන ඉද්දි .. දැනෙන හැඟීම How can i explain that feelings ...!! වචන නෑ මට ...
" මගේ මැනික මං ආදරෙයී බන් උබට ..!! "
අයියාගෙ තොල්පෙති මගේ කනට ආදරේ මුමුනද්දී සමනල්ලු කෝටියක් බඩ අස්සෙ පිනුම් ගහනවා වගේ හැඟීමක් ආවා කියහන්කෝ .......
" මාත් ආදරෙයි අයියේ .... ඒත් මං ඔයාටත් වඩා හුඟක් ආදරේ දෙයක් තියෙනවා !! "
මං අයියට කියද්දී අයියා මාව එයාගෙ පැත්තට හරව ගත්තා ...
" ඒ මොකද්ද ... ??"
අනේ කඩවුලේ .... මේ මිනිහගෙ ඉරිසියාව මූනෙන්ම පේනවා යකෝ ... බුදාම්මෝහ්හ් මට බෑහ්හ්
YOU ARE READING
|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |
Fanfictionදෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර සහ රුවේන්ද්ර ??) @𝙰𝚛𝚛𝚎𝚗𝚐𝚎 𝚖𝚊𝚛𝚛𝚒𝚐𝚎 @𝙵𝚊𝚗𝚝𝚊𝚜𝚢 @𝚉𝚑𝚊𝚗𝚢𝚒 @𝚑𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 ...