දහනමවෙනි සිත්තම...💚❤️

226 32 14
                                    

" කාගෙදෝ හස්බන්කෙනෙක්ට නින්ද යන්නැල්ලු මන් ආවේ මේ මාව බදාගත්තමවත් නින්ද යයිද බලන්න .... "

අයියා කියද්දි මට සතුටු හිතුනා එයා මාව තෙරුම් ගන්නවා මටත් කලින්... පවුලෙ අය ඉස්සරහා විතරක් ආදරනීය පැත්ත පෙන්නන මන් ඉස්සරහා ආදරනීය වෙන තවත් වෙලාවක හුරතල් වෙන .... මේ හීතල පෙනුමක් තියන් ඉන්නේ මගෙ මනුස්සයා කියලා හිතෙද්දී මට පට්ට සතුටුයි ...

ඒ වගේම අයියා මාව තේරුන් ගන්නවා ... හැමවෙලේම ...

______________________________________

දැන් අපි ඉන්නෙ මගේ උපන් රට ලංකාවට යන්න ෆ්ලයිට් එකේ ... උදේ පාන්දරම මමාගෙ නිතීරිති දහසක් මැද්දේ තමයි අපි ගෙදරින් පිටත් උනේ... මට මාර සතුටුයි .. මට දැනෙන්නේ හරියට කසාද බැදලා මහත්තයලා ගෙදර ඉදන් දෙමව්පියෝ බලන්න ගමේ යනවා වගේ ෆීලින් එකක්.... මේ හැගීමට මන් පට්ට ආදරෙයී..

ශීට් එහේ හරිබැරි ගැහිලා වාඩි වෙලා මන් අයියාගෙ අතක් බදාගෙන උරිස්සේ ඔලුව තිබ්බා... එතකොටම අයියත් මගේ ඔලුව එයාගෙ දිග ඇගිලි වලින් පිරිමදින්න පටන් ගත්තා... අයි ලයික් දැට්... දැනෙන පහසට මට නින්ද යන්නත් වගේ ....

_____________________________________

''කුමරුනී ... රජතුමා ඔබට අද දිවා භෝජනයට පැමිණීමට පැවසුවා ... "

කියූ සේවිකාව පිටතට ගියේ අභිමේන්ද්‍ර නම් තරුණයාගේ සිතෙහී ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඉතිරි කරපසුය....

රාජකිය වැම්පයර්වරයකු වූ අභිමෙන්ද්‍ර කුමරුන් ශ්වේත වර්ණ සමකට හා ලා නිල් පැහැ දෑසකට උරුමකම් කියූ දකින්නන් වසග කරගන්නා රූ සපුවකින් හෙබි පුද්ගලයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රාජකිය වැම්පයර්වරයකු වූ අභිමෙන්ද්‍ර කුමරුන් ශ්වේත වර්ණ සමකට හා ලා නිල් පැහැ දෑසකට උරුමකම් කියූ දකින්නන් වසග කරගන්නා රූ සපුවකින් හෙබි පුද්ගලයෙකි ..

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now