01 වන ආශ්චර්‍යය

1K 69 51
                                    

"එපාහ්.. කරුණාකරලා මට ජීවත් වෙන්න ඉඩ දෙන්න.. මේක කරන්න එපා.."

"තමුන්ට ජීවත් වෙන්න දුන්නොත් ඒක තමයි මම කරන ලොකුම මෝඩකම.."

"මට ජීවත්වෙන්න ඉඩ දෙන්න.. මම ඉල්ලනවා.. කරුණාකරලා.. "

"ජීවත්වෙන්න ඉඩ දෙන්න..? ඒක කරන්න බැහැ.. නුබට මේ මිහිපිට තවදුරටත් ජීවත් විය නොහැකියි. ඇස්රියල්ට කවදාවත් ඇස්ට්‍රෝනියා දේශයේ මීළඟ උරුමක්කාරයා වෙන්න මම ඉඩ තියන්නේ නෑ... එහි උරුමක්කාරයා මමයි.. ඒකට මට තියෙන ලොකුම බාධාව උබ.. ලෑස්තිවෙයන් උබේ ජීවිතෙන් වන්දි ගෙවන්න.."

"අනේ එපා.. කරුණාකරලා.. මම ඉල්ලනවා.. ඇස්‍රියල්!!! කරුණාකරලා මාව බේරගන්න.. ආහ්..."

"හාහ්. උබ ඇස්‍රියල්ට කතා කලාම ඌ එයි කියලද හිතන් ඉන්නේ.. අද පූර්ණ චන්ද්‍රයා අහසේ පායන දිනය.. ඇස්‍රියල්ගේ බල රහිතයි.. නැවත කිසි දිනක මුණනොගැසේවායි මා ප්‍රාර්ථනා කරන්නම්.. සාමයේ සැතපෙන්න ආයුශ් කුමරුනි.."

"යුගාන්.. චූටි පුතේ.. යුගාන්.."

"කරුණාකරලා මට ජීවත්වෙන්න ඉඩ දෙන්න.."

"යුගාන්.. පුතේ.. අනේ දරුවෝ කතා කරන්නකෝ.."

"එපාහ්... එපා.....හ්"

"පුතේ.. යුගාන්.. ඒක හීනයක් මගේ පුතේ.. ඒක හීනයක්.."

"අනේ අම්මාහ්.."

"ඒක හීනයක් මගේ පුතේ.."

"අම්මා..හ්"

"ආයේමත්හීනෙමද මගේ පුතේ.."

"හ්ම්ම්.. ඔව් අම්මා.. ආආආහ් මගේ ඔලුව.. මට තේරෙන්නේ නෑ.. "

"හරි හරි ඒක හීනයක් විතරයිනේ.. මේ වතුර එක බීලා ඉන්න.."

අම්මා දුන්න වතුර වීදුරුවෙන් වතුර උගුරක් බීලා මම අම්මගේ පපුවට තුරුල් වෙලා කල්පනා කලේ මීට ටිකකට කලින් දැක්ක හීනේ ගැන.. හැමදාම සතියකට තුන්හතර සැරයක් මේ කරුමක්කාර හීනේ පේනවා.. හැමදාම පේන්නේ එකම ටික.. අපැහැදිලි මූණවල් විතරයි පේන්නේ..

ආශ්චර්‍යය ||| Ongoing ||| Sinhala BLWhere stories live. Discover now