සුවද දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනී දැනී දැනෙනවා..පුදුමෙකට වගේ දැන් සතියක විතර වෙලේ ඉඳන් මට කිසිම කරදරයක් නැතුව නින්ද යනවා.. හැමදාම පේන්න ගත්ත නරක හීනේ මේ සතිය පුරාවටම මම දැක්කේ නෑ.. හේතුව මොකක්ද කියන්න නොදන්නවා උනත් මගේ හිතත් හරි අමුතු සතුටකින් පිරිලා ගිහින්.. ඇයි කියන්න මටවත් කිසිම තේරුමක් නෑ.. ඒත් මං හේතුවක් නැතුවම හිටියේ ගොඩාක් සතුටෙන්..
ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවාවෙලාව හවස හතත් පහුවෙලා.. සාලේ දොරකඩ පඩියට වෙලා ගිටාර් එකත් තුරුල් කරන් මම සිංදුවක පද මුමුණ මුමුණ හිටියේ කරන්න කියලා වෙන වැඩකුත් හවස්වරුවේ නැති නිසා.. බුදුන්ට පහනත් තියලා අම්මට උයන වැඩ වලටත් පොඩ්ඩක් උදව් කලා.. කොල්ලෙක් කියලා ඕව නොකර ඉන්න බෑනේ.. අම්මා පව් හැම තිස්සෙම එයාව මහන්සි කරන්නත් බෑ.. ඉන්නෙත් අසනීපෙන්නේ.
මුලු අහසම පුංචි පුංචි තරුකැට වලින් වහගෙන.. හරියට චිත්‍රයක් වගේ.. බලන් ඉන්න හිතෙන තරමට ලස්සනයි..අහස දිහා බලන් තරු රටා හොය හොය හිටපු මගේ ළඟින් අම්මා ඇවිත් වාඩිඋනේ මම තවමත් සිංදුව මුමුණද්දි....
රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ... ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා..
[ Artist: Rookantha Gunathilaka ]
YOU ARE READING
ආශ්චර්‍යය ||| Ongoing ||| Sinhala BL
Não Ficção🖤__PLEASE REMEMBER ME SEASON 2__🖤 "ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම...