වෙනදා පුරුද්දට අම්මා ඇවිත් ඇහරවනකල් බලන් හිටියත් ටික වෙලාවක් ගියාමයි මට මතක් උනේ අම්මා ගෙදර නෑනේද කියලා.. ඊටපස්සේ ටිකකින් මතක් උනා විවාන් ඉන්නෙත් ගෙදර නේද කියලා.. ඊයෙත් ඒ මනුස්සයනේ රෑට ඉව්වේ.. මොකද කරන්නේ අම්මට මොනාහරි අරන් යන්නත් ඕනනේ.. දැන් කොහොමත් අම්මව බලන්න හොස්පිටල් යන්න ඕනනේ එක්කෝ යන ගමන් මඟින් මොනාහරි කාලා අම්මටත් මොනාහරි අරන්ම යනවා. ඒක ලේසියි නොදන්න වැඩ කරන්න යනවට වඩා..
කම්මැලිකමේම මම නැඟිටලා ඇවිස්සිලා තිබ්බ කපුටු කොණ්ඩෙත් හද හද කුස්සියට ගියේ තේ එකක් හදන්න හීටරේ ගහන්න කියලා හිතාගෙන.. ඒත් කුස්සිය පැත්තෙන් හොඳ සුවඳක් එනවා. හිතේ කුතුහලෙන් මම ගිහින් බලද්දියි දැක්කේ විවාන් උයනවා.. දෙයියනේ යුගාන් උබ නම්.. මේ මනුස්සයගෙන් වැඩ ගන්න එපා යකෝ.. මගේ හිත මට බනිද්දි මම විවාන් දිහා බලන් හිටියා..
"ගුඩ් මෝනින් යුගාන්.."
"ගුඩ් මෝනින්.."
මන් දිහා බලන්නෙවත් නැතුව විවාන් එහෙම කිව්වම මමත් ආපස්සට විවාන්ට ගුඩ් මෝනින් කිව්වා.. මම ආව බවක් එයාට දැනුනෙවත් නෑනේ. එතකොට මේ යකා කොහොමද ගුඩ්මෝනින් කිව්වේ..
"ඔයා මම එනවා දැක්කද.."
"නෑහ්."
"එහෙනම් මං ආවා කියලා දන්නේ.."
"මට ඔයාව දැනුනා.."
"හාහ්? "
"මං කිව්වේ මට ඔයා එනවා ඇහුණා.. "
දැනුනා කියලා නෙවෙයිද විවාන් කලින් කිව්වේ.. මගේ කන ඇහෙන්නෙත් නැති වීගෙන එනවද.. ආහ් ඕන එකක්.. මම ටික වෙලාවක් විවාන් දිහා බලන් ඉඳලා විවාන් ළඟට ගියා. එයා හරි හුරුපුරුදුකාරයෙක් වගේ අතේ හුරුවට ලුණු දානවා.. සුවඳින් නම් රස ඇති.. ඊයෙත් රෑ උයපු කෑමවල තිබුණේ පුදුම රසක්නේ.. මෙන්න බඳිනවනම් කොල්ලෝ.. පට්ට රහට උයන්නත් පුලුවන්නේ..
"යුගාන්ට තේ එකක් හදලා දෙන්නද.."
YOU ARE READING
ආශ්චර්‍යය ||| Ongoing ||| Sinhala BL
Non-Fiction🖤__PLEASE REMEMBER ME SEASON 2__🖤 "ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම...