"පුනරුප්පත්තිය" ලෝකේ ඉන්න සමහර මිනිස්සු විශ්වාස කලත් සමහර මිනිස්සු කිසිම විදිහකින් පිලිගන්න අකමැති සංකල්පයක්.. සමහරවිට මේක කියවන ඔයා උනත් පුනරුප්පත්තිය විශ්වාස නොකරනවා වෙන්න පුලුවන්.. ඒත් මම ගැන ගත්තොත් මේ සංකල්පය මම නම් සෑහෙන්න තදින්ම විශ්වාස කරනවා.. මොකද ඒකට මට මගේම හේතු තියෙනවා.. ඔව් ඒ අතරේ මට තියෙන ලොකුම හේතුව තමයි යුගාන්..
යුගාන් ආශ්චර්‍යය. තවමත් මම ඒ නමට හුරුවෙන ගමන් ඉන්නේ.. නුහුරුයි මට.. අවුරුදු ගාණක් ආදි කියලා කතා කරලා හිතන්නකෝ මම යුගාන් කියලා කතා කරද්දි මට ඒක දැනෙන විදිහ.. ඉතින් ඇත්තටම මට සෑහෙන්න නුහුරුයි.. ඒත් ඉස්සර වගේ ආදි කියලා එයාට කතා කරන්න මට දැන් බෑනේ.. එයාට අපි අතරේ උන කිසිම දෙයක් මතක නෑ.. අඩුම තරමේ මාවවත්..
බන්ග්ලෝ එකට ආව මම කල්පනා කලේ මීට ටිකකට කලින් වෙච්ච දේ ගැන.. යුගාන් හිතන් ඉන්නේ එයාගේ අම්මගේ අතුරුදන් වීමට මම සම්බන්ධයි කියලා.. එයා ඒක කොහොමද හිතුවේ කියන්න නම් මට කිසිම තේරුමක් නෑ.. ඒත් අඩුම තරමේ යුගාන්ට තිබුණානේද මට එහෙම නොකියා ඉන්න.. ඇයි එයාට පොඩ්ඩක් හිතන්න බැරි උනේ ඒ වචන ටිකට මගෙත් හිත රිදෙයි කියන්න..
මීට අවුරුදු ගාණකට කලින් එයා මේ ලෝකෙන් යන්න ගිහින් ටික දවසකට පස්සේ මමත් මගේ ජීවිතේ අතඇරියා. හැමදාම කියනවා වගේ මට මගේ ආදි නැති ජීවිතයක් නෑ.. එතකොට මට කොහොමද මේ හැමදෙයක්ම මතක කියලා ඔයා හිතනවද.. ඒක හොඳ ප්‍රශ්නයක්.. මටත් මේ දේවල් නම් හරි අමුතුයි.. තවම මේ නුහුරු දේවල් වලට මමත් හුරුවෙන ගමන් ඉන්නේ..
වසර ගණනාවකට පෙර......................
"අප්පච්චි, තාත්ති ඔයාට කතා කරනවා.."
"ම්න්.. මං එන්නම්... ඔනෙත්.. පුතේ.."
"අප්පච්චි..? "
"පොඩ්ඩක් මෙතනින් ඇවිත් වාඩිවෙන්නකෝ.."
"ඇයි අප්පච්චි.. මොකක් හරි ප්‍රශ්නයකද.."
"කෝ යුවී.."
"එයා තාත්ති ළඟ.. අප්පච්චි මට කතා කලේ.."
YOU ARE READING
ආශ්චර්‍යය ||| Ongoing ||| Sinhala BL
Phi Hư Cấu🖤__PLEASE REMEMBER ME SEASON 2__🖤 "ඇයි තමුසේ මගේ පස්සෙන් මෙහෙම එන්නේ ආහ්.. ඇයි මෙහෙම වදයක් වෙන්නේ.." "හැම ආත්මෙකම හොයන් එන්න කියලා දැන් ඔහොම කියන එක සාධාරණද ආශු.. වදයක් නම් ඇයි හැම ආත්මෙකම ඔයාව හොයාගෙන එන්න කිව්වේ.." "මොකක්ද.. මම කවද්ද තමුන්ට එහෙම...