11 වන ආශ්චර්‍යය

204 38 38
                                    

"මේකයි. ඔයාලා මේ කියන ඩොක්ටර් සඳරුවන් නැතිවෙලා දැන් සති දෙකක් විතර වෙනවා.."

"මොකක්ද ??"

"ඔව්. මං හිතන්නේ ඔයාලට වැරදීමක් වෙලා. පොඩ්ඩක් රිසෙප්ශන් එකෙන් අහලා බලන්නකො.."

"විවාන් ඒක.. ඒක වෙන්නේ කොහොමද. අපි දෙන්නම හිටියනේඩොක්ටර් කතා කරද්දි.. ඔයාට හොඳටම ශුවර්දඩොක්ටර් සඳරුවන්මයි කියලා.."

"ඔව් යුගාන්. ඊයේ ඩොක්ටර් කිව්වේ එහෙමනේ."

"අනේ විවාන් එතකොට කෝ මගේ අම්මා.. ඩොක්ටර්ව පැත්තකින් තියමුකෝ.. කෝ අම්මා. එයාට මොකක්ද උනේ.."

"මචං විවාන්.."

ඒත් එක්කම විවානුයි මමයි හිටපු තැනට ආවේ අයියා.. අයියා තාමත් ඉන්නේ ඊයේ ඔෆිස් ගියපු ඇඳුමෙන්. පව් මහන්සි පාටත් එක්ක..

"චූටි.. කෝ අම්මා.."

"අයියේ.. අම්..මා.."

"මොකක්ද උනේ.. අම්මා හොඳින්ද.."

"ද්..දන්නේ නෑ.. ඇඩ්මිට් කලා කියලා අම්මගේ නම ලිස්ට් එකේ නෑ.."

"මොකක්ද... මොනාද මේ කියන්නේ.. විවාන් මොනාද මේ චුටි කියන්නේ.. තේරෙන්න කියපන්කෝ.."

"උබට තේරෙන්න කියන්න වෙච්ච දේ මට තේරෙන්න එපැයි.. "

"ඒ කිව්වේ..? "

අන්තිමට වෙලා තියෙන දේ කොහොමහරි විවාන් අයියට තේරෙන්න  කිව්වා.. ඔක්කොටම වඩා මට තියෙන ප්‍රශ්නේ අම්මාව ඇඩ්මිට් කලානම් කෝ අම්මගේ නම..

ආශ්චර්‍යය ||| Ongoing ||| Sinhala BLWhere stories live. Discover now