නිසල ජිම් එකකට යන්න තීරණය කලේ ජීවිතේට පොඩි වෙනසක් ඕනෙ වෙච්ච හින්දා. වෛද්‍ය පීඨයේ අවසාන වසරට යන්න තව මාස තුනක් විතර ඉතුරු වෙලා තිබ්බට මේ මාස තුන එච්චර කාර්ය බහුල උනේ නැත්තේ නිසලලාට කරන්න තිබ්බ ඔක්කොම විභාග ඒවෙද්දීත් අවසන් වෙලා තිබ්බ හින්දා. පොඩි වසර වල හිටිය ජුන්නොන්ට කුප්පි දාන්නයි ෆයිනල් ඉයර් එකට එහෙම් මෙහෙන් හම්බෙන කුප්පි ටිකටයි යන එක ඇරුනම වෙන වැඩක් තිබ්බෙම නැති තරම්. හොස්පිටල් එකේ කරන්න ඕනෙ ඇපොයින්මන්ට් ටිකත් ඒ වෙද්දී ඉවර වෙලා තිබ්බ හින්දා හොස්පිටල් යන්න උනෙත් කලාතුරකින්. දවසෙම බෝඩින් කාමරේට වෙලා ටීවි සීරිස් බල බල ඉදලා මහත්වෙලා කියලා නිසලට තේරුනේ සතියකට විතර පස්සේ හොස්පිටල් එකට යන්න ඕනෙ වෙලා ඇදුමක් හොයනකොට. ජිම් යන වැඩේ ඉක්මන් කරන්න නිසලට ඒකත් හේතුවක් උනා. යන්නෙ මොන ජිම් එකටද කියලා හිතන්න අමුතුවෙන් මහන්සිවෙන්න ඕනෙ උනේ නැත්තේ නිසලලා දන්න සුපිරි ජිම් එකක් ලගපාත තිබ්බ හින්දා. ෆර්ස්ට් ඉයර් ඉන්නකොට ඇග හදාගන්න ආපු උණත් එක්ක නිසලලගෙ සෙට් එකම ජිම් එකේ සාමාජිකත්වය අරන් තිබ්බේ. ඒත් පස්සෙ පහුවෙද්දී එක එකා හැලිලා ගියේ තිබ්බ වැඩ ගොඩ හින්දම නෙමේ නිසලට වගේ ජිම් යන්න තිබ්බ මාර කම්මැලිකම හින්දා.
නිසල ඇතුල්වෙන තැනින් ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ජිම් එක ඇතුලට ගියා. වෙලාව උදේ දහයයි දහයයි. මේ වෙලාවට මොකෙක්වත් වැඩියෙ එන්නෙ නෑ කියලා නිසල අනුමාන කරලා තිබ්බේ. අනික මේ වෙලාවට තමයි ජිම් එකේ කෝචර්ස්ලා ට්‍රේනින් වෙන්නේ. නිසල කොහොමත් සෙනග ගොඩක් මැද්දේ ට්‍රේනින් කරන්න කැමති මනුස්සයෙක් නෙමේ. චේන්ජින් රූම් එකට ගිහින් ආර්ම්කට් ශර්ට් එකක් දාගෙන නිසල ගියේ කණ්ණඩියක් ගාවට. චුට්ටක් බඩ බස්සගත්තනං හොදයි කියලා නිසල කල්පනා කලේ බඩ අතගාන ගමන්. වෝර්ම් අප් කරද්දී එතෙන්ට නවිදු අයියා ආවා. නවිදු කියන්නේ ජිම් එකේ ට්‍රේනින් කරනවන කෙනෙක්. නවිදු අයියා ඇවිල්ලා නිසල එක්ක කතා කලේ මොනවගේ ට්‍රේනින් එකක්ද නිසලට ඕනෙ කියලා දැනගන්න. අනික එක එක පුද්ගලයට ගැලපෙන පුහුණුවීම් ගැන නවිදු අයියාට තිබ්බේ හොද දැනුමක්. ඒ නිසා නිසල වගේම නිසලගෙ යාලුවො උනොත් නවිදු අයියා කියන දේවල් නොසලකා හැරියේ නෑ. දවස් දෙක තුනකට පස්සේ ශෙඩූල් එකකට පටන් ගමු කියලා නවිදු අයියා ගියේ ඒ දවස් තුනට කරන්න ඕනෙ සුලු සුලු එක්සර්සයිසස් ගැන කියලමයි.