නිසලගෙයි රවීන්ද්රගෙයි දින චර්යාව ආයෙ පුරුදු ට්රැක් එකට වැටුනා. හැබැයි නිසල හිටියෙ බිසී වෙලා. රවීන්ද්රට සමහර වෙලාවට දැනුනෙ පාලුවක්. තමන් කොච්චර නිසලට ඇබ්බැහි වෙලාද කියලා රවීන්ද්රට හිතාගන්නවත් බෑ. රවීන්ද්රට තවත් නිසලත් එක්ක ඉන්න ඕනෙ.. එයාගෙ හැගීම් බෙදාගන්න ඕනෙ.. ඒත් හැමදේටම එක බාධකයක් තිබ්බා. රවීන්ද්රට තේරෙන්නෙ නෑ ඒ දේ තවත් හිතේ හිර කරගෙන ඉන්න.. ඒ වගේම තමයි නිසලට තියන කැමැත්තත්. ඒත් රවීන්ද්ර ඒ දෙකම හිතේ හිරකරගෙන ඉන්න තීරණය කලේ ඒ දෙකෙන්ම අන්තිමට වෙන්නෙ නිසලගෙ හිත රිදෙන එක කියලා දන්න හින්දමයි.
නිසල හිටියෙ කොෆී බීන් කැෆේ එකට වෙලා ප්රෙසෙන්ටේශන් එකක් හදන ගමන් බ්ලැක් අයිස්ඩ් කොෆී එකකුත් පැත්තකින් තියාගෙන. ෆැකල්ටි එකේ වැඩ වැඩිඋන හින්දා නිසලට ජිම් එකට යන්නත් බැරිඋනා. නිසල රවීන්ද්රට කලින්ම කියලයි තිබ්බේ එයා හවස ප්රසෙන්ටේශන් එකක් හදන්න කොෆී බීන් එකට යනවා කියලා. ටික වෙලාවක් වැඩේ කර කර ඉන්නකොට නිසලට හිතුනේ එයා ඉස්සරහ කවුරුහරි හිටගෙන ඉන්නවා කියලා. නිසල ලැප්ටොප් එකෙන් ඇස් අරගෙන ඉස්සරහ බලද්දී එතන හිටියේ රවීන්ද්ර. නිසලට එක පාර හිටපු තැනින් නැගිට්ටුනා. මේ වෙලාවෙ රවීන්ද්ර එයි කියලා නිසල කීයටවත් බලාපොරොත්තු උනේ නෑ.
"මට ගෙදර ඉන්න කම්මැලි හිතුනා. ජිම් එකට යන්නත් බෑ වගේ හිතුනා ඇගට හරි නෑ"
නිසල ගාවින් වාඩිවෙලා නිසලට හේත්තුවක් දා ගත්ත රවීන්ද්ර කිව්වේ ඇත්තටම මහන්සියෙන් වගේ. මේ දවස් ටිකේම රවීන්ද්රගෙ උගුර රිදෙන්න පටන් අරන් තිබ්බේ. ඇගටත් අමාරුයි. නිසල නං හිතුවෙ රවීන්ද්ර බොරුවක් කියලා එයාව බලන්න ඇවිල්ලා කියලා.
"කොෆී එකක් ගන්නද අයියා. කනවද මොනවහරි"
"ඉක්ලෙයාර්ස් එකක්...ප්ලීස්" රවීන්ද්ර කිව්වේ ඇස් දෙකත් පියාගෙන.
නිසල ඕඩර් එක අරන් එනකොටත් රවීන්ද්ර එහෙම්මම පොඩි සෝපා එකට වෙලා ඉන්නව දැක්කම නිසලට දැනුනෙ අනුකම්පාවක් වගේ හැගීමක්. නිසල හොට් මිල්ක් කොෆී එකයි ඉක්ලෙයාර් එකයි මේසේ උඩින් තියනකොට රවීන්ද්ර ඇස් දෙක ඇරියා.