රවීන්ද්‍ර නිසලට දුන්න පොරොන්දුව කඩ කලේ නෑ. මොනතරම් හිත රිදිලා තිබ්බත් රවීන්ද්‍ර රෑ කෑමකට නිසලව එක්කන් ගියා. නිසලට මොකක් හරිම හේතුවක් ඇති කියලා හිත හදාගන්න හැදුවට ඒක කරන්න රවීන්ද්‍රට බැරිඋනා තමයි. ඒත් තව අවස්තාවක් නිසලට දෙන්න රවීන්ද්‍ර තීරණය කලා.
රවීන්ද්‍ර වෙනදට වඩා හරිම නිහඩ වෙලා කියලා නිසලට හිතුනා. මේ දවස්ටිකේ හිටපු විදියයි දැන් ඉන්න විදියයි අහසට පොලොව වගේ. මූණ බලන්නෙවත් නෑනෙ. නිසල කල්පනා කලේ එයා අතින් මොකක් හරි අවුලක් උනාද කියලා. උදේ ඉදන් රවීන්ද්‍ර වැඩිය මැසේජ් කලෙත් නෑ නේද කියලා නිසලට සිහි උනේ ඒ වෙලාවෙ. නිසල හිටියෙ හේතුවක් හිතාගන්න බැරුව.
රවීන්ද්‍රට බේලීෆ් ඉටැලියන් රෙස්ටොරෙන්ට් එකට නිසලව එක්කන් එන්න තිබ්බෙ කලින් ඉදන් ලොකු ආසාවක්. ඒත් දැන් රවීන්ද්‍ර හිටියෙ අවුල් වෙලා. රවීන්ද්‍රට ඕනෙ නිසලට රිද්දන්න කොහොමහරි. රවීන්ද්‍ර ෆෝන් එක අරන් ටිකක් වෙලා එහෙට මෙහෙට කර කර ඉදලා ඒක පැත්තකින් තිබ්බා. නිසල හිටියෙ රෙස්ටොරෙන්ට් එකේ ලස්සන බල බල.
"මට ෆොටෝ එකක් ගහල දෙන්න"
රවීන්ද්‍රගෙ කටහඩේ වෙනදට වඩා තද බවක් තිබ්බ කියලා නිසලට දැනුනා. නිසල එයාගෙ ෆෝන් එක අතට අරගන්න යනකොටම රවීන්ද්‍ර කිව්වේ රවීන්ද්‍රගෙ ෆෝන් එකෙන් ගන්න කියලා. නිසල රවීන්ද්‍රගෙ ෆෝන් එකේ ලොක් එක් අරිනකොටම නිසලගෙ මූණ ඇද වෙනවා රවීන්ද්‍ර දැක්කා. රවීන්ද්‍රට දැනුනේ කුරිරු සතුටක් වගේ දෙයක්.
රවීන්ද්‍රගෙ ෆෝන් එකේ වෝල් පේපර් එකේ තිබ්බ රවීන්ද්‍ර කෙල්ලෙක්ව තුරුල් කරන් ඉන්න ෆොටෝ එක දැක්ක ගමන්ම නිසලට බැලුනේ රවීන්ද්‍රගෙ මූණ දිහා. වෙනසක් නොපෙන්වා බලන් ඉන්න රවීන්ද්‍රව දැක්කම නිසලට පුදුම හිතුනා. නිසලගෙ හිත ටික ටික බර උනේ නිසලටත් හිතා ගන්න බැරි විදියට.
ෆොටෝ අරන් ඉවරවෙද්දී නිසලට එතන ඉන්න බෑ කියලා හිතුනා. කොහෙට හරි ගිහින් ටිකක් තනියම ඉන්න තිබ්බා නං. නිසල කල්පනා කලේ අහක බලාගෙන."ඒ මගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්" රවීන්ද්‍ර කිව්වේ බොරුවක් නෙමෙයි.