02 කොටස

201 34 5
                                    

නිසල ඉක්මනට ගිහින් වැටිලා හිටිය පිරිමි ලමයව කෙලින් කලේ රෝද පුටුවත් එක්කමයි. නිසල උස හින්දා ඒ වැඩේ වැඩිය අමාරු උනේ නෑ. රෝදපුටුව පෙරලිලා තිබ්බේ එතන අඩමානෙට තිබ්බ ගලක හැප්පිලා. කලිසමේ තිබ්බ පස් ටික ගසද්දි නිසලගෙ අතට දැනුනේ රෝද පුටුවෙ අයිතිකාරයගෙ වම් කකුල දනහිසට උඩින් කපලා කියලා. නිසලගෙ හිත කලබල උනත් ඒක පෙන්නන්නැතුව නිසල කලේ වෙන මොනවහරි තුවාල වෙලාද කියලා බලන ගමන් රෝද පුටුවෙ අයිතිකාරයගෙ මූණ දිහා බලපු එක. නිසල දැක්කේ එයා දිහා හෙලවෙන්නෙවත් නැතුව බලන් ඉන්න ලස්සන ලා දුඹුරු පාට ඇස් දෙකක්. නිසලට දැනුනේ තමන්ගෙ හෘද ස්පන්දනය වැඩිවෙනවා වගේ.

"කොහෙහරි රිදෙනවද.. ඔලුව වැදුනේ නෑ නේද.." ටක් ගාල පියවි සිහියට ආපු නිසල ඇහුවේ ඕනෙම පේශන්ට් කෙනෙක්ගෙන් මේ වෙලාවෙ අහන්න ඕනෙ දේවල් ටිකක්.

"නැහැ..."

නිසලට ඇහුනේ කෙදුරුම් හඩක්. ඊටපස්සේ උගුර පාදන සද්දේ.

"තැන්ක් යූ මල්ලී. මාව ලයිබ්‍රි එක ලගට පොඩ්ඩක් තල්ලු කරන්න පුලුවන්ද කරදරයක් නැත්තං"

නිසල ඔලුව දෙපැත්තට වැනුවේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නන්න.

"මල්ලිට කරදරේ නේද?" නන්නාදුනන්න එහෙම අහද්දි නිසල කල්පනා කර කර හිටියේ තමන්ට මල්ලි කියන්න තරම් මේ පුද්ගලයා වැඩිමල්ද කියලා.

"නෑ පිස්සුද අයියේ මාත් මේ ලයිබ්‍රියට යනගමන්"

නිසල අකමැති මිනිස්සුන්ගෙ ප්‍රශ්න වල උත්තර දෙන්න. විශේෂයෙන්ම තමන් කාටහරි උදව්වක් කරද්දී ඒ උදව්ව ලබන කෙනා ප්‍රශ්න අහද්දී දැනෙන පීඩනේට. තවත් කෙනෙක්ට සමහරවිට ඒක සතුටක් කියලා හිතුනට නිසල්ට නං ඒක දැනුනෙ පීඩනයක් වගේ. නිසල් හැමෝටම උදව් කරන්න කැමති උනත් සමහර අවස්තාවල පසුබැස්සේ මේ හේතුව හින්දමයි.

"මල්ලි කොහෙද කැම්පස් එකේද" තව ප්‍රස්නයක්.

"මම මේ ලග කම්පැනියක වැඩ කරනවා"

නිසල හිතන්නත් කලින් උත්තරේ එලියට පැන්නා. ආයෙ ගන්නත් බෑනෙ කියලා හිතාගෙන නිසල හිමීට රෝද පුටුව තල්ලු කරගෙන යනගමන් ඉස්සරහ බලන් යන නන්නාදුනන අයියා දිහා බැලුවා. සුදු පාටට හුරු චෙක් ශර්ට් එකෙන් කැපිලා පේන ලස්සන කහපාට හමයි අතේ බැදලා තිබ්බ කැසියෝ ඔරලෝසුවේ දුඹුරු පාට පටියයි ලස්සනට ගැලපෙනවා නේද කියලා නිසලට හිතුනා.

නන්නාදුනන Tempat cerita menjadi hidup. Temukan sekarang