නිසලට ඕනෙ උනේ පුලුවන් තරම් වැඩ කරන්න. ඇත්තටම එක්සෑම් එක ඒකට අනුබලයක් දුන්න කිව්වොත් හරි. රවීන්ද්රට ලන් වෙන හැම වෙලාවක්ම නැවතෙන්නෙ වේදනාවකින් හින්දා නිසල හිටියෙ හිතේ අමාරුවෙන්. නිකං එදිනෙදා වෙච්ච දේවල් හුවමාරු කරගත්තා මිසක් නිසලට රවීන්ද්ර ගැන වෙනදා වගේ හොයලා බලන්න බැරිඋනා.
දවස් පහක් විතර ගෙවිලා යද්දී රවීන්ද්ර හිටියෙ දරාගන්න බැරි තත්වෙක. අන්තිමට නිසලත් එක්ක නිදහස් චතුරශ්රයේදි හිටියට පස්සෙ ආයෙ හම්බෙන්නවත් බැරිඋනා. නිසල තමන් ගැන මොනව හිතනවද කියලා රවීන්ද්ර සිය පාරක්... දහස් පාරක් කල්පනා කරන්න ඇති. නිසලට ආදරේ කරන්න ගත්තොත් දෙන්නටම හැරීමක් නෑ ආපහු. එහෙම කරන්නෙ කොහොමද? දැන දැනම නිසලව අමාරුවෙ දාන්නෙ කොහොමද??? රවීන්ද්ර හිටියේ දරාගැනීමේ අමාරුම අඩියක. තවත් නං ඉවසන්න බෑ කියලා හිතලා තමයි රවීන්ද්ර නිසලට කතා කරේ, නිසලගෙ එක්සෑම් එකේ අන්තිම දවසෙ.
"අපි නුවර යං නිසල..."
නිසල හිටියෙ තව දවස් තුනකින් ඕස්ට්රේලියා යන්න ඕනෙකියන එකත් අමතක කරලා රවින්ද්ර එක්ක නුවර යන ගමන්. එක්සෑම් ඉවර කරලා එහෙම්මම ඇදුම් දෙක තුනක් දාගෙන නිසල රවීන්ද්රගෙ ගෙදර ආවෙ රවීන්ද්රට ඒ මොහොතෙම නුවර යන්න ඕනෙ කිව්ව නිසා. නිලේන්ද්රවත් උදාරිවත් වචනෙකවත් විරුද්ධත්වයක් ප්රකාශ කලේ නෑ මල්ලිගෙ තීරණයට. ඒ උනාට රවීන්ද්රලගෙ ගෙදර වෙනදට වඩා ගොඩක් නිහඩයි නේද කියලා නිසලට හිතුනා. ඒ ගැන කල්පනා කරන්නවත් නිසලට බැරිඋනේ නිසල ආපු ගමන්ම එලියට බැස්ස රවීන්ද්රව දැකලා. ගෙදර හැමෝටම සමුදීලා එලියට බහිද්දී නිසල ලාවට වගේ දැක්කේ රවීන්ද්රගෙ අම්මා අඩනවා. ඒකත් හොරෙන්. තාමත් බබා වගේ වෙන්න ඇති කියලා නිසල හිනාවුනේ සැහැල්ලුවෙන්.
මග දෙතුන් තැනකින්ම නතරවෙලා නුවරට එද්දී රෑ හත විතර වෙලා. රවීන්ද්රට ඕනෙ උනේ උදේම මාලිගාවට යන්න කිව්ව හින්දා නිසල කෙලින්ම එයාල බුක් කරපු හොටෙල් එකට ඩ්රයිව් කරන ගමන් හිටියෙ. ඒකේ කෑම දෙන්නෙ නෑ කිව්ව හින්දා නිසල ටවුන් එකේ තිබ්බ රෙස්ටොරෙන්ට් එකක් ලග නතර කලේ කන්න මොනවහරි ගන්න.