මොකද උනේ කියලා ඇහුවට පස්සේ නිසලට දැනුනෙ චකිතයක්. කාලයක් තිස්සේ අහන්න හිතන් හිටියා තමයි ඒ උනාට ඒ දේ ඇහුවට පස්සේ ඒක රවීන්ද්රට කොහොම දැනෙයිද කියලා නිසල හිතුවා.
"මෙහෙම හිටියට නිසල දන්නෙ නෑනෙ මම කවුද කියලා..."
එකපාරටම රවීන්ද්ර ඇහුවෙ ගැඹුරු හඩකින්. නිසලට ආවෙ කුතුහලයක්
"මම සීඅයිඩී එකේනේ වැඩ කලේ කලින්. අපිට මිශන් එකක් තිබ්බ අන්ඩවර්ල්ඩ් එක සම්බන්ධ ඒකෙදී මම එකෙක්ව අල්ලන්න ගිහින් කෙලින්ම බුලට් එක පාස් කරගෙන ගියා. එතනින් පස්සෙ තමා මං අබ්බගාතයෙක් උනේ"
නිසල රවීන්ද්ර කියන දේවල් අහන් හිටියෙ අවුරුදු පහේ පොඩි එකෙක්ට සුරංගනා කතාවක් කියනවා වගේ පුදුමෙකින්. ඇත්තටම එහෙමද??? නිසල හිටියෙ රවීන්ද්ර කිව්ව දේ පිලිගන්නවද නැද්ද කියලා දෙගෙඩියාවකින්.
රවීන්ද්ර බලන් හිටියෙ නිසලගෙ මූණෙ වෙනස් වෙන හැගීම් දිහා. ටික ටික මූණ බැරෑරුම් වෙලා අන්තිමේදි කටත් ටිකක් ඇරෙන කොට රවීන්ද්ර හිටියෙ හිත ඇතුලෙන් පෙරලි පෙරලි හිනා වෙවී. අම්මෝ මෙහෙමත් මෝඩ කොල්ලෙක්... ටික වෙලාවක් දෙන්නම සද්ද නැතුව ඉන්නකොට රවීන්ද්ර මහ හයියෙන් හිනාවෙන්න ගත්තම නිසලට වැලලෙන්න හිතුනා. නිසලගෙ මූණ තවත් චොකවෙලා ගියා.
"අනේ අම්මපා.. මෙහෙම මෝඩ යකෙක්. " රවීන්ද්ර කිව්වේ නිසලගෙ කරවටේට අතක් දාගන්න ගමන්.
එතකොට නං නිසලටත් හිනාවක් පැන්නා. තව ටිකක් වෙලා මෙහෙම ඉන්න ඇත්නම් කියලා නිසලට හිතුනා.
" ඇත්තටම මොකද උනේ.."
"ඇක්සිඩන්ට් උනා..."
එහෙම කියද්දී නං රවීන්ද්රගෙ මූණෙ අර ලස්සන හිනාව තිබ්බෙ නෑ. රවීන්ද්ර හිටියෙ නිසලගෙන් මූණ හංගගෙන ඈත තිබ්බ බල්බ් එකක් දිහා බලාගෙන.
"ඇයි ප්රොස්තසීස් එකක් දාන්නෙ නැත්තේ අයියා"
නිසල ඇහුවේ රවීන්ද්රගෙ අපහසුතාව තේරුම් අරන්. නිසලට ඕනෙ උනේ නෑ තවත් කවුරුවත් ඉස්සරහ රවීන්ද්රව මෙහෙම අපහසුතාවයට පත් වෙනවා බලන්න. ප්රොස්තසීස් එකක් හයි කලානම් පේන්නෙම නෑ එහෙම අවුලක් තියනවද කියලා.