..........
මිස්ටර් කිම් නම්ජුන් ..
ඩ්..දේ... මං කියද්දි ඩොක්ටර් මං දිහා බලපු විදිහ මට ඇල්ලුවෙ නෑ.. ඒ එක්ක ම ඩොක්ටර් කියපු දේ එක්ක මාව ගල් වුණා..
ඔයා මීට වඩා වයිෆ් ගැන සැලකිලිමත් වෙන්න...
ඇයි... මං ඇහුවෙ හ්‍යුන් දිහාත් බලන ගමන්.. මං මොකට ද එයා ගැන සැලකිලිමත් වෙන්නෙ.. මට වෙන වැඩ නැතුවායෑ කොච්චර නම් වැඩ තියෙ ද මට... 🙄
මං විටමින් ටිකක් ලියලා දෙන්නම්.. ගෙනත් දෙන්න.. අනිවාර්යයෙන් ම එයාට හොද කෑම ටිකක් කවන්න.. මං හිතන විදිහට එයා ගොඩක් මහන්සි වෙලා.. හිමොග්ලොබින් අඩු වෙලා ඇගේ.. එයා මොනා ද උදේ කෑවේ..
දන්නෙ නෑ.. මං කියද්දි හ්‍යුනුයි ඩොකයි මං දිහා බැලුවෙ කන්න වගෙ.. ඇයි යකො මං දන්නවායෑ එයා කෑවෙ මොනා ද කියලා..
එහෙනම් දවල්..
දන්නෙ නෑ.. එයා දවල් ඉදියෙ ෆිල්ම් හෝල් එකෙ... මං අත් දෙකත් සාක්කුවට දාගෙන කිව්වා...
එහෙනම් එයා රෑට කෑවේ මොනා ද..
රෑට.. අහ්.. ඒක නම් මං දන්නවා..😌මං කිව්වෙ ටිකක් ගැම්මෙන්..
මොනා ද.. හ්‍යුන් අහද්දි මං..
මොකුත් නෑ..
ම්වෝ..
දේ.. කොෆි දෙකක් හැදුවා .. එකක් හැලුණ නිසා එයාගෙ එක මට දුන්නා.. එකෙ අඩිය චුට්ටක් තිබ්බා..ඒක බිව්ව ද කොහෙ.. මං කියද්දි හ්‍යුන් මට රැව්වා.. හහ් .. මේ කෙල්ල නිසා හ්‍යුන් මට රැව්වා.. කවදාවත් රවලා නෑ මට.. 😒
යුන්ගි.. මේ බෙහෙත් ටික දෙන්න එයාට.. ටිකක් දවසක් මහන්සි නොවි ඉන්න කියන්න.. එයාගෙ ඇගට හරියට කෑමක් වැටිලා නෑ ඒ නිසා ටිකක් වීක් .. බලා ගන්න පරිස්සමින් එයාව..
හ්ම්.. මං ගිහින් දාන්නම්.. කියන ගමන් හ්‍යුන් එයා එක්ක එළියට ගියා..
යාහ්... නැගිට්නවා .. මේ තමුන් නිසා හ්‍යුන් මට රැව්වා.. ගන්නම්කො මං පළිය.. මං කිව්වෙ කෙදිරි ගාන ඒරා දිහා බලලා.. පව් කියලත් හිතෙනවා ඒත් ඉතිං හ්‍යුන් මට රැව්වනේ..😒
මෝඩයා..
ආව් හ්‍යුන්.. මං කිව්වෙ හ්‍යුන් මගෙ ඔලුවට ගහපු නිසා..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...