දන්නෙ නැද්ද හ්යුන් ඉතිං...
හා හා... පරිස්සමින් හොදේ... මං ජිමිනට තට්ටුවක් දාලා ඇතුළට යනවත් එක්ක ම...
කෝ කන්න...
පස්සෙ කන්නම් ටේ ..
පස්සෙ කොයි වෙලේ ද ආහ්... අර මිනිහා ඒරාගෙ කම්මුලකින් මිරිකන ගමන් කිව්වා... මගෙ ඒවා අල්ලන්න මේ මිනිහට කොහෙ ආව හයියක් ද.. හහ්...
මොනා ද කරන්නේ...
ඔහ්.. ජුනී... ඒරා මං දිහා බලලා කිව්වා... ජුනී... එ.. ඒ නම කොහොමද එයා දැන ගත්තේ ..
ඔයා කොහොමද ..
මොකද්ද... ඒරා අහද්දි අරකත් මං දිහා බලන් ඉදියා..
මං කිව්වා නේද එන්න එපා කියලා...මට ඔනි නම් මං එනවා මොකද්ද ඔයාට තියෙන ප්රශ්නේ...
මට තියෙන ප්රශ්නේ ... ප්රශ්නේ තමා තමුසෙ එන එක..
තමුන් හරියට ඒරා බලා ගත්ත නම් අද එයා හොස්පිටල් එකෙ නෑනේ...
ම්..ම්වෝ..මං... මං ද තමුන් ද අහ්..තමුන් එක්ක නේ දවස ම ඉන්නේ.. ගෙදරවත් එනව ද අහ් .. මහ රෑ පාන්දර ඇවිත් ආයෙ ම යනවා.. එක දවසක් ගෙදර ඉදිය ද මං කොච්චර වෙලා බලන් ඉදිය ද ආහ්හ්... තමුසෙ එක්ක නේ ඉදියෙ හොදට බලා ගත්ත නම් ගෙදර ඉදපු දවසෙ ම අසනීප වෙයි ද... මං ඒ තේ කොප්පයට බනිද්දි ඒරා ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලන් ඉදියා..
අසනීප වුණේ තමුන් එක්ක ඉදපු නිසා... පැය කිය ද ඉදියේ උණත් ගැනිලා ඒ මදිවට කන්න හොද මොනා ද නැත්තෙ මොනාදවත් දන්නව ද කිම් නම්ජුන්..
ඒක මගෙ වැඩක්.. මං ඒක බලා ගන්නම්... මගෙ වැඩ වලට අත දාන්නත් එපා ආයෙ මගෙ ගෙදරටවත් මෙහෙටවත් එන්න එපා .. මං ඒකා ළගට ගිහින් කියද්දි එකත් කට කොනින් හිනාවක් දැම්මා.. මූණ තැලෙන්න ගහන්න හිතුනා..
ආහ්හ්... හරි හරි රණ්ඩු වෙන්න එපා.. දෙන්න ම නෙවෙයි මමයි උණ හදා ගත්තේ... අනික ටේ මං මෙයාට කිව්වෙ නෑ මට ඒවා ඇලජික් කියලා මං ම යි කෑවේ ...
අහගන්නවා... මං ඒකට ඔරවලා එහාට ගිහින් පුටුවෙන් වාඩි වුණා.. ඒකා මොනා මොනා හරි ඒරා එක්ක කියවලා යන්න ගියා...
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...