Good girl... මං කිව්වෙ ඔලුව අත ගාන ගමන්.. ගුඩ්.. මොකක් වෙන නැත්තම්... අයිශ් මටත් පිස්සු නේ.. මං වතුර එක සයිඩ් ටේබල් එකෙන් තියලා නිදාගෙන ඉදපු ඒරාට බෙඩ්ශිට් එකත් පොරවලා වතුර එක අරන් හැරෙනවත් එක්ක ම ටේබල් එක උඩ තිබුණ බෙහෙත් ටික බිමට වැටුණා..
ආයිශ්... මගුල... මං නැවිලා ඒ ටික අහුලලා උඩින් තියන ගමන් මං එකේ තිබුණ එක කියෙව්වා.. උදේ ට විතරක්... ඒම බෙහෙතුත් තියෙ ද..ඉතිං මං මේක දුන්න නේ.. මං ඉක්මනට බෙහෙත් ටික අරන් බැලුවා... ඉවරයි... දෙයියනේ මං මොකද කරන්නේ... රෑට බෙහෙත් පෙති දෙකයි නේ තියෙන්නෙ..
මෙයා මැරෙයි ද... ජින් හ්‍යුන්.. මං මොකද කරන්නේ... මාව හිරේ දායි ද ඉවරයි..දැ.. දැන් මොකද කරන්නේ.. මං ඉක්මනට ජිමිනට කෝල් එකක් ගත්තා...
ජිමිනා.. මං මොකද කරන්නේ...
ඇයි හ්‍යුන් මොකද වුණේ...
කොහෙද ඉන්නේ ඉක්මනට එනවා මේ කෙල්ල මැරෙයි ද දන්නෙ නෑ..
හ්‍යුන් මාව ට්‍රැෆික් එකට අහුවුණා... මොකද වුණේ..
මං කෙල්ලට බෙහෙත් සේර ම දුන්නා නේ...
ඉතිං..ඉතිං නෙවෙයි... මේ වගෙ තියෙන්නෙ රෑට පෙති දෙකයි නේ...
හ්‍යුන්... ද්. දැන් එයා කෝ..
නිදි...හ්‍යුන් මොනා හරි වෙයි ඉක්මනට නැගිට්ටවලා හොස්පිටල් අරන් යන්න...
එයාලා මාව හිරේ යවයි ද ජිමිනෝ...
අයියො නෑ හ්‍යුන්..ඒත් මේ කෙල්ල නැගිට්ට ම නඩු දැම්මොත්..
හරි එහෙනම් හ්‍යුන් ඒ ටික එළියට ගන්න..
එළියට ගන්න... ඒ කොහොමද...
වොමිට් කරවන්න..
මං කොහොමද එයාට වොමිට් කරවන්නේ..ඇගිල්ල උගුර ඇතුළට දාන්න එතකොට වොමිට් වෙයි..
ශුවර් ද යයි ද....
ඔව් හ්‍යුන්... ශුවර්.. ඉස්සර මං ඉස්කොලේ යන්නෙ නැතුව ඉන්නෙ වොමිට් කරලා ඒම තමා... 😁
මේකා... හරි කරලා බලමුකෝ... ඒත් මං එයාගෙ කටට අත දාන්නෙ කොහොමද ..හ්‍යුන් කට අත දානව ද නැත්තම් හිරේ යනව ද..
ආයිශ්.. හරි හරි මොකක් හරි බලමුකෝ.. මං ෆෝන් එක ඇද උඩට දාලා කෙල්ල ළගට යනවත් එක්ක ම කෙල්ල එක පාරට ම නැගිට්ටා..
ඇයි...
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...