..............
මේ කෙල්ල මැරිලවත් ද.. හොල්මන් එක්ක තමා පුතෝ එහෙම් මගෙ තරුණ ජිවිතේ ගෙවන්න වෙන්නේ.. අහ්.. මොකට බය වෙන්න ද සෙමියා ඉන්නේ.. එයාව මෙහෙ ගෙනාව නම් ඒ හිනාවට හොල්මන් දුවන්වා.. සෙමි.. ඔහ්..සෙමි ඇත්තට ම කෝ.. මං දැක්කෙ නැ.. වෙඩින් එකෙන් පස්සෙ ම.. කෝල් එකක් දීලා බලන්න ඔනි..
මං පඩිපෙලත් නැගලා කාමරෙ දොර අරිනවත් එක්ක ම..
මං පහළට යන්නම්.. කියන ගමන් එදා හොටෙල් එකට ආව එකා මගෙ රූම් එකෙ ඉදන් එළියට ගියේ මං දිහාවත් නොබලා.. යකෝ උගෙ තියෙන ලොකුකම.. 😤 මමත් ඌ ව ගනන් නොගෙන ඇතුළට යනවත් එක්ක ම කෙල්ල ඇදන් ඉදපු කෝට් එක ගැලෙව්වා.. මේ කෙල්ලට අසහනේ ද යකෝ කොයි වෙලෙත් ඇදුමක් ගලවපු ගමන්..
ඔහ්.. අන්‍යොන් .. කෙල්ල හිනා වෙලා මං එක්ක කියලා හදිසියෙන් වගෙ එහෙ මෙහෙ ගියා..පරක්කු වෙලාවත් ද.. දෙන්නම් වැඩේ.. කෙල්ල ඇදුම් ටිකත් අරන් වොශ් රූම් එකට යන්න හදනවත් එක්ක ම මං ඉක්මන් කරලා වොශ් රූම් එක ඇතුළට ගියා.. කෙල්ල මොකුත් කියනවා වත් ඇහුණෙ නෑ..
මට හොද එකා වෙන්න හදනව ද.. වෙන කෙල්ලෙක් එහෙම නම් බෙරිහන් දෙනව නේ.. පරක්කු වෙනවා , පස්සෙ යන්න අරකයි මේකයි කියලා.. අර ජිමිනා බලන ඩ්‍රාමා වල තියෙන්නෙ.. ආවා කියලා නාලා ආපු මං ආයෙ ම නාන්න යෑ.. පැයක් විතර පෝන් එක ඔබ ඔබ ඉදලා මං එළියට එද්දි කෙල්ල ඇද උඩ නැගගෙන ලැප් එකෙ වැඩක්.. මං ඇහැ කොනින් ඒ දිහා බලලා ක්ලොසෙට් එක ළගට ගියා..
කෙල්ල වොශ් රූම් එකට ගිහින් දොර වහගන්නවා ඇහුන නිසා මං ඇදුමක් මාරු කරගෙන ශේප් එකෙ ඇවිත් හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ ඇද ලගට.. ඉන්න මං මොකට ද හොරෙක් වගෙ යන්නේ.. මේක මගෙ ගේ.. මේවා මගෙ වයිෆ් ගේ.. ඒ කියන්නෙ මගෙ වගෙ තමා.. ඒත් ජුනා අනුන්ගෙ ඒවා හොයන්නෙ ඇයි.. අනුන්ගෙ වෙන්නෙ කොහෙද යකෝ මගෙ නේ..
මම ඇද උඩට නැගලා ලැප් එකට එබිලා පොඩි සර්ච් පාරක් දැම්මා.. අප්පටසිරි මේ කෙල්ලත් එහෙනම් ඒ කම්පිටිෂන් එකට දාල ද.. අහ්.. ඒක නිසා වෙන්න ඇති මාව මැරි කරන්න ඇත්තේ.. කපටි කෙල්ලො.. අරූට සල්ලි නැති ව ඇති.. එකනේ ඌ ඉන්න කොට මාව මැරි කරේ.. මොකද මේකට ඉදිරිපත් වෙන්න ඕනි බිස්නස් ෆැමිලි.. බිස්නස්මන් කෙනෙක් ව මැරි කරන්න ඔනි නිසා ද මාව මැරි කරේ.. තමුසෙට මං මේක දිනන්න දෙන්නෙ නෑ.. 😏 බලමු කිම් නම්ජුන් එක්ක ඔයා කොහොමද තරග කරන්නෙ කියලා..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fiksi Penggemar" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...