..............
අනේ බබා එහෙම කියන්න එපා...
ඔයාට කිව්වා මාව මැරි කරන්න කියලා..
ටේ..ටේ.. ඒරා කියද්දි ඒකා ඒරාගෙ මූණ ළගට ම ලං වෙලා ඒ ඇස් දෙක ඒරා ළගට ම යද්දි මං ගිහින් ඒරා ව ඇදලා මං ළගට ගත්තා..
තමුසේ මොකද්ද ආහ් කරන්නේ.. මං ටේ ගෙ ශර්ට් එකෙන් අල්ලගෙන අහද්දි ඒරා..
නම්ජුන් ශි.. මොනා ද කරන්නේ.. අහද්දි මං තරහින් බැලුවේ ඒරා දිහා.. ඒ ඇස් දෙක නැවතිලා තිබුණෙ මගෙ මූණ ළඟ.. එයා පළවෙනි පාරට මං දැක්කා මගෙ දිහා බලනවා..
මේ ගෙදර ද ආහ්...
මොකද්ද.. ඒරා අහද්දි මං ටේ ව පැත්තකට තල්ලු කරලා ඒරාගෙ අතින් ඇදගෙන ආවේ එළියට.. මට තරහයි.. ඇයි මට තරහා.. මම දන්නෙ නෑ.. එයා මගෙ කවුරුත් නෙවෙයි.. ඒත් ටේ එක්ක ඉන්නවට මං කැමති නෑ.. මං හැරිලවත් බැලුවෙ නෑ එයා දිහා.. මට කිව්ව බොරුව.. හහ් ගෙදර යනවා.. මේක වෙන්න ඇති ගෙදර..
ගෙදර ආව මං ගාර්ඩ්න් එකට කාර් එක දාලා බැලුවේ මොකද වචනයක්වත් නොකියා ඉන්නෙ කියලා.. කටත් ඇරගෙන නිදි හරියට බබෙක් වගේ.. ඒ දැක්ක ම නම් මට හිනා ගියා.. මං හෙමිට අතින් කට වැහෙන්න ලං කරා.. නිදාගෙන ඉන්න කොට නම් හරි අහිංසක පාටයි.. ඇහැරුණා ම නම් ගන්න දෙයක් නෑ..
මං බැහැලා අනිත් පැත්තෙන් ඇවිත් ඒරාව හරහට වඩාගෙන ගේ ඇතුලට අරගෙන යනව ද නැද්ද කියලා කල්පනා කරලා අන්තිමට..
ඒ... නැගිටිනවා.. මං අතට ඇගිල්ලෙන් තට්ටුවක් දාලා කියද්දි
ම්ම්හ්හ්.. තව චුට්ටයි අප්පා..
චුට්ටයි... මොනා ද..
ආහ්හ්.. ඔම්මා ... ඊයේ රෑ නිදා ගන්න බැරි වුණ.. හ්ම්ම්ම් විනාඩි විස්සයි ... හුම්.. ත..ව ..වි..නාඩි...වි...ස්ස්ස්... හිනෙන් කියවලා ආයෙ ම හැරිලා නිදා ගන්න ගත්තා..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfic" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...