ƈԋαρƚҽɾ 47

1.3K 102 78
                                    



හසරැල් හිටියෙ පැත්තක තිබ්බ බීන් බෑග් එකක් උඩට වැටිලා ඉස්සරහ තිබුන ටීවී එකේ චැනල් එහෙට මෙහෙට මාරු කර කර..

ටිකකට කලින් මෙතන තිබ්බ අර රොමෑන්ටික් මූමන්ට් එක කඩාකප්පල් කරන්න වගේ නුවේද්ට ආපු කෝල් එකක් නිසා කතා කරපු එකාගෙ හත්මුතු පරම්පරාවම සිහි කරන් බනින්න හැදුවට මොකෝ කෝල් එක අනාගත මාමණ්ඩිගෙන් කියලා දැක්කම එයා සම්පූර්ණ වැරැද්ද ග්‍රැහැම්බෙල් අංකල්ගෙ එකවුන්ට් එකට දාල ඒ මනුස්සයට සාප කර කර උන්නෙ..

නුවේද්නම් ඔය කෝල් එක සත පහකට ගනන් ගත්තෙ නෑ.. වෙනද වගේම කට් වෙන්න දීල නිකන් ඉන්නයි එයානම් හැදුවෙ.. හැබැයි ආයෙ ආයෙම ෆෝන් එක රින්ග් වෙනව කියන්නෙ ඉතින් එතන එච්චර හොඳ කාරණාවක් තියෙන්න විදියකුත් නෑනෙ.. මොකක් හරි මරාලයක් කියලා දන්න නිසාමද කොහෙද අන්තිමේ එයාට සිද්ධ උනා ඒකට උත්තර දෙන්න..

දැන් ඔය විනාඩි දහයක් විතර තිස්සෙ නුවේද් ඒ කෝල් එකේ හිර වෙලා.. රිසෝට් එකේ මොනවද මගුලක් කියනව හසරැල්ට ඇහුනට එයාට ඔය මාතෘකා ගැන ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ..

කොහොමහරි ඉතින් ඕවගෙන් හරි නුවේද්  පපා එක්ක ටිකෙන් ටික ක්ලෝස් වෙන එකම සෑහෙන ලොකු දෙයක්නෙ..

හැබැයි ඔය මාමණ්ඩියා කියන ඩයල් එකගෙ මෙන්ටලිටි එක මේ දවස් වල එච්චර හොඳ තත්වයක නැති බවක් තමා හසරැල් දැනන් උන්නෙ.. ඒ කිව්වෙ අනවශ්‍ය විදියට කේන්ති යනව.. වටේ ඉන්න මිනිස්සු කාගෙ හරි පිටින් තමා ඕක යන්නෙ අන්තිමට..

ග්ලාස් වෝල් එකෙන් පේන බැල්කනි එකේ කෙටි බැම්මට බර වෙලා නුවේද් නළලත් මිරිකන ගමන් මොන මොනවද කියනව මෙතන ඉඳන් හසරැල්ට පේනව.. ටිකක් සීරියස් කේස් එකක්ද මන්දා..පපාට ඕන බම්බුවක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්න තිබුනා කම්පෙටිශන් එකට යද්දි අර වගේ කන්ඩිශන් එකක් එයා දැම්මෙ නැත්තම්.. 

මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන හසරැල්ට නම් තේරුම් ගන්නම අමාරුයි.. සතුට නෑ.. සැනසීම නෑ.. දෙමව්පියො දරුවො අතරෙ ලොකු බොන්ඩ් එකක් නැහැ. බිස්නස් කියාගෙන ඒව මත්තෙ නැහෙනව මිසක් අනිත් දේවල් තමන්ට මග ඇරෙනකල් එයාලම දන්නෙ නෑ.. ඒ අතින් බලද්දි මහ ලොකු සල්ලිකාරයො නොවුනත් හසරැල් එයාගෙ පුංචි පවුල ඇතුළෙ හිටියෙ සතුටින්.. එයාගෙ අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න හැටි එයාල දරුවන්ට ආදරේ කරන හැටි නුවේද්ට එයාගෙ පවුල ඇතුළෙ කවමදාවත් දකින්න , විඳින්න හම්බෙලා නැති දේවල්.. ලැබුනනම් ඒ එයාගෙ අම්මගෙ ආදරේ විතරයි.. එහෙම ආදරේ හම්බුන එකම බැඳීමත් අත ඇරිලා ගිහින් තනි වෙලා උන්නු මනුස්සයෙක්ට ආදරේ කරනව, එහෙම කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න හිතනව , එහෙම කෙනෙක්ට සැනසීමක් වෙනව කියන්නෙම ඒ දෙන්නගෙ බැඳීමෙ බර ටිකක් වැඩී..  හසරැල් නුවේද්ට ලං වෙද්දි  නුවේද්ට තිබ්බ ප්‍රශ්න එහෙන් මෙහෙන් දැනන් හිටියට ඒ දේවල් වල ගැඹුර කොච්චරක්ද කියන්න දැනන් හිටියෙ නෑ තමයි.. හැබැයි එයා එයාව විශ්වාස කරා..

සුළඟ නුඹ ( Sinhala BL )Where stories live. Discover now