ƈԋαρƚҽɾ 40

1K 96 44
                                    

හසරැල් රන්දිල් දිහා , එහෙමත් නැත්තම් පොඩි කිඹුලා දිහා බලන් හිටියෙ ලෝක පුදුමයක් දැක්ක ගානට.. ඇහුනෙ දේ හරියට විශ්වාස නැතුව වගේ.. එහෙම වෙන එක සාධාරණයිනෙ... දවසෙන් වැඩි හරියක් අර කාමරේට වෙලා කම්පියුටර් එක බදාගෙන ජීවත් වෙච්ච මනුස්සයෙක් එයා.. ඒ තරම් ගේම් පිස්සුවක් තිබුනෙ.. ඒ අස්සෙන් පාඩමුත් කරලා කොහොම කැම්පස් තේරුණාද කියන එක දන්නෙ දෙයියොම තමා.. කැම්පස් එකේ වැඩත් එක්ක ඔය ගේම් ගැහිල්ල එහෙන් මෙහෙන් පොඩ්ඩක් අඩු කරන්න උනා තමයි..හැබැයි ඉතින් කෙල්ලො , ආදරේ සම්බන්ධ කාරණා රන්දිල්ගෙ ජීවිතෙන් බොහොම ඈතක තිබ්බ දේවල්..මේකෙන් කියන්නෙ උට කෙල්ලො ඇලජික් කියන එක නෙමෙයි... කෙල්ලො යාලුවො කැම්පස් එකෙත් ඕනෙතරම් හිටියා.. හැබැයි ඕව යාලුකම් වලට විතරක්ම සීමා වෙලා තිබුනෙ.. ලොකු කිඹුලා නම් මේකෙ අනිත් පැත්ත..  ඒක පැත්තකින් තියමුකො.. කොහොමින් කොහොම හරි අරහෙම හිටපු එකා දැන් මේ ඇවිත් කෙල්ලෙක් ගැන කියනකොට හසරැල් ඔහොම පුදුම වෙන එක සාධාරණ නැද්ද ඉතින්..

" මොකද යකෝ ඔහොම බලන්නෙ.. ? "

" මන් මේ කල්පනා කරේ මට වැරදියට ඇහුනවත්ද කියලා.. "

රන්දිල්ගෙ ප්‍රශ්නෙට හසරැල් උත්තර දුන්නෙ එහෙම.. අර පුදුමය පිරුණු බැල්ම තාමත් එහෙම්මම යි.

" නෑ නෑ උබට හරියට තමයි ඇහුනෙ.. මන් කිව්වනෙ මේක ජෝක් එකක් නෙමෙයි ඕයි.. මට එයාව හොයාගන්න ඕනෙ... කොහොමහරි.."

එක පාරක් පුංචි මොහොතකට විතරක් දැකපු රූපයක් මෙච්චරම හිතට වැදුනෙ කොහොමද කියන එක ගැන රන්දිල් දැනන් හිටියෙ නෑ.. ඒ මගුල් වැඩක් නෑ.. මොන ග්‍රහලෝකෙන් ගෙනත් හරි කෙල්ලව ඕනෙමයි.. එච්චරයි.. ස්තීරයි..

වැකේශන් එක නිසා මේ දවස් ටිකේ ගෙදර එයා.. ලොකු කිඹුල් සහෝදරයට තවමත් එක්සෑම් ඉවර වෙලා නැති නිසා ඒ මනුස්සයා උන්නෙ කැම්පස් එකේ.. ඔන්න ඔහොම නිස්කලංක නිවාඩු දවසක් වෙච්ච අද රන්දිල් ටවුන් එකට ගොඩ බැහැලා තිබුනෙ මිත්‍රත්වයේ නාමයෙන් හසරැල්ව බලන්න එන්න කියලා හිතාගෙනනම් නෙමෙයි හැබැයි.. චක බ්ලාස්ට් වෙලා යන්න ඔන්න මෙන්න තිබ්බ ටැබ් එක හදාගන්න කියලා. ඒකත් හදාගෙන , ඊට පස්සෙ කැෆේ එකටත් ගොඩ වෙනකොට තමයි අර ගෑල්ලමයා මෙයාගෙ ඇස් වලට දර්ශනය වෙලා තියෙන්නෙ.. යාලුවෙක් එක්ක කිචි බිචි ගගා කියව කියව හිනාවෙවී ඉඳපු කෙල්ල කැෆේ එකෙන් එලියට ගිහින් යාලුවට සමුදෙනවත් රන්දිල් බලාගෙන.. හෙනහුරා කඩන් පාත් වෙනව වගේ ඒවෙලේ ආපු කෝල් එකක් නිසා සාක්කුවෙන් ෆෝන් එක අරන් කෝල් එක කාගෙන්ද බලන ටිකට කෙල්ල මිසින්.. අතිවිශිශ්ටයි.. උත්කෘෂ්ටයි. අනර්ඝයි.. කෝල් කරපු එකාගෙ ආච්චිට රයිස් ගරන්න , පටන් ගත්තු තැනම බාල්දියක්.. බාධක මැද්දෙන් ගලන් යනකොට තමයි ආදරේ උනත් ලස්සන කියලා ෆේස්බුක් මල්යායෙ දැකපු පෝස්ට් එකකුත් එයාට මතක් උනා ඩයල් එකට ඒ අස්සෙන්.. එහෙම බාධාවල් සීයක් උනත් පහු කරන් ගිහින් උස්සන් එන්න හිතෙන තරම් හිත හෙල්ලිලා මනුස්සයගෙ.. ඒකනෙ ඔය නිව්ස් එකත් අරගෙන , යන්න හිතලවත් තිබ්බෙ නැති ෆ්ලවර් ශොප් එකට ගොඩ වැදුනේ හසරැල්ව හොයාගෙන..

සුළඟ නුඹ ( Sinhala BL )Donde viven las historias. Descúbrelo ahora