හසරැල්ගෙ කිඹුල් මිත්‍රය කෝල් ඒක ආන්ස්වර් කරේ හසරැල් ය කියලා හිතාගෙන බැනපු බැනුම් අවලාද එකී මෙකී නොකී දාහක් කතන්දර අහගෙන ඉඳලා නුවේද් එයාව අඳුන්වලා දුන්නට පස්සෙ අර බැනුම් සෙට් එක ඉවර උනා කියලා හිතනවනම් ඔයාලට වැරදිලා මිත්‍රවරුනි...
" අප්පටසිරි.. අපේ එකා අයියා එක්කද ? මේ බූරුව මට මැසේජ් එකක් දාල , අක්කා ඇහුවොත් මෙහෙ ඉන්නව කියන්න කියල.. අඩුම කොහෙද ඉන්නෙ කියලවත් කියල නෑ... ඒකයි මම මේ ගත්තෙ.. මටත් අමතක උනානෙ මූ දැන් හොර ගමන් යන්න එක්කෙනෙක් හොයන් ඉන්නෙ කියල.. "
ආයෙමත් හසරැල්ට දෙහි කපන්න පටන් අරන් විනාඩි කීපයක් එක දිගට ඇදිල ගිය ඇමතුම අවසානෙදි නුවේද්ගෙ මූණෙ හිනාවකින් වැහුනෙ දැන් ඉතින් අනාගතේදි කිඹුල් මිතුරො දෙන්න නිසා හසරැල්ට සිද්ධ වෙන්න යන සෝචනීය ඉරණම ගැන අනුකම්පාවෙන් වෙන්න ඕනෙ.. හසරැල් අර වගේ මැසේජ් එකක් විතරක් යවලා නිකන් උන්නු එක ගැන නුවේද්ට පුදුමයක් නෑ.. එදා ඒ දෙන්නගෙ ෆොටෝ එකක් අල්ලගෙන හසරැල්ව මඩවපු හැටියට අද නුවේද් එක්ක ඉන්නෙ කිව්වම අහගන්න වෙන කට කැඩිච්ච කතන්දර සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඉතින්..
Gimme ten minutes කියලා ගියාට මොකෝ විනාඩි දහයෙ ඒව දෙකක් යනකලුත් බාතෲම් එකේ මුල් ඇදලා ඉන්න ප්‍රේමවන්තයා එනකල් නුවේද් හසරැල්ගෙ ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එක අස්සට රිංගලා සින්දුවක් ප්ලේ වෙන්න දාල ෆෝන් එක ඉස්සරහ තිබුන පොඩි ස්ටූල් එක උඩින් තියලා බීන් බෑග් එකක් උඩට වැටුනා..
" සඳයි කියනා අහස ඉඹිනා
ලඟින් තනියට තරුත් තිබුණා
බලා ඉන්නම් - පෙනේවිද මං
ළඟයි අහසට ඉතින් හිතුනාමගෙයි කියනා - ළඟයි දන්නා
ඔයා ගැන හිත බරයි දැනුනා
තුරුලු වෙන්නම් රකිනවද මං
ආදරේ ළඟ හිතම නිවුනා "හසරැල් මොන ලෝකෙන් හොයාගත්තද දන්නෙ නෑ.. නුවේද්නම් ඕක අහන්නෙ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඕනෙ.. ඒ කොහොම උනත් සමහර සින්දු කතා කරන්නෙ කෙලින්ම හදවතට..
" ලියාගන්නට මගෙ නිසා
දමා යන්නම බැරි නිසා
දඩබ්බර පපුවට වෙලා
ඉන්නවද සසරක් ඔයා..