" මම ඉන්නවා ! "
ඒ වචන නිකන්ම නිකන් වචන දෙකක් නෙමෙයි. නුවේද් දන්නවා.. කවදා කොහොම මොනවා උනත් හසරැල් එයාගෙ ළඟ ඉන්නවා කියන්න එයා දන්නවා.. වටපිටාවෙන් එන්න තියෙන ප්‍රශ්න ගැනයි එයාට බය. ඉතින් එයා ඔය මන්තරයක් වගේ එයා ගාව ඉන්න ඉන්න කියලා මතුරන්නෙ අර බය නිසා මිසක් හසරැල් ගැනවත් ඒ දෙන්නගෙ බැඳීම ගැනවත් තියෙන අවිශ්වාසයක් හින්දා නෙමෙයි.
නුවේද්ව කල්පනා ලෝකෙන් බිමට බස්සගන්න හසරැල් කරේ ආයෙම නුවේද්ගෙ බෙල්ලෙන් හාද්දක් තියපු එක. ඉතින් එයාගෙ ට්‍රික් එක අති සාර්ථකයි..
වීදුරු වහලෙ අස්සෙන් පෙරිලා ආපු ඉර එලිය ටිකෙන් ටික අතුරුදහන් වෙන්න අරන්.හසරැල් නුවේද් ලඟින් අයින් වෙලා නුවේද් අරන් ආපු Terrarium එක අත් දෙකට අරගත්තා.
" ඇතුළට එනවද ? මෙතන ඉන්නවද ? මං බොන්න මොනාහරි අරන් එන්නම්.. "
ගේ දිහාවට ඇස් යවලයි හසරැල් එහෙම ඇහුවෙ.
හැබැයි හසරැල්ට උත්තර දෙන්න කලින් නුවේද්ගෙ ෆෝන් එක රින්ග් උනා..
"Sudu ❤️ "
Screen එකේ වැටුනෙ එහෙම.
හසරැල් නුවේද්ට සුදූ එක්ක කතා කරන්න ඉඩ දීලා එතනින් අතුරුදන් උනා.
" කොහෙද ඉන්නෙ ? "
ඔය සුදූගෙන් ආපු පලවෙනි ප්‍රශ්නෙ..
හසරැල්ට එයා කැමති බව මුලින්ම දැනගත්තු කෙනා උනේ සුදූ වෙච්චි එකේ එයා ඉන්නෙ හසරැල් එක්ක කියන එක හංගන්නෙ මොකටද ? ඉතින් එයා ඇත්තම කිව්වා
" මොකක් හරි ප්‍රශ්නයක්ද ආ ? "
නුවේද් ටිකක් කලබල උනා.
" නෑ නෑ අනේ.. කන්න මොනාහරි ස්නැක්ස් ටිකක් ගේන්න හොඳේ.. "
නිවේදිගෙ හිනා සද්දෙ එහා පැත්තෙන් ඇහෙනකොට තමයි නුවේද්ගෙ අර කලබල ගතිය නැති වෙලා ගියෙ.
" මේ ඒක නෙමෙයි.. එයා දන්නවද හෙට ඔයාගෙ බර්ත්ඩේ එක කියලා ? "
නිවේදි ආයෙම ප්‍රශ්නයක් අහනකොට තමයි නුවේද්ට උනත් ඒක මතකෙට ආවෙ.
" මං දන් නෑ.. සමහරවිට නැතුව ඇති.. "
ගානක් නෑ වගේ නුවේද් කියලා දැම්මා.. තව මොන මොනවදෝ කියවපු නිවේදි ටික වෙලාවකින් ඇමතුමෙන් සමුගත්තා..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️