හසරැල්ට හැමදාමත් ඕනෙ උනේ හරි සැහැල්ලුවෙන් ගෙවන්න පුලුවන් නිස්කලංක ජීවිතයක්... ඒත් නුවේද්ගෙ මුණ ගැහීම එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හරවලා.. දවස ගානෙ අලුතින් එකතු වෙන ප්‍රශ්න නුවේද්ට ඇති කරන ප්‍රෙශර් එක මොන වගේද කියන එක හසරැල්ට නොතේරෙනව නෙමෙයි. හැබැයි හසරැල් ලඟ ඒවට විසඳුම් තිබුනෙ නෑ.. ඉතින් එයාගෙ හිත වැඩියෙන්ම රිද්දන්නෙ අන්න ඒ කාරණාව.. එයාට කරන්න පුලුවන් එකම දේ උනේ නුවේද්ව අහන් ඉන්න එක , එයාව සනසවන එක විතරයි..
හසරැල්ගෙ උකුල උඩ ඔලුව තියන් උන්නු නුවේද්ගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි එහෙ මෙහෙ අරන් ගමන් හසරැල් නුවේද්ව අහන් හිටියා.. වටපිටාව වහන් උන්නු කලුවර ඒ දෙන්නට නිදහසේ ඉන්න ඉඩ හදලා දීලයි තිබුනෙ.. නුවේද්ගෙ බර හුස්මවල් , එයාගෙ කලබල , කලකිරුණු කටහඬ හසරැල්ගෙ හිත තව තවත් බර කරනවා..
" මං දන්නවා මේ ප්‍රශ්න ඔයාට බර වැඩී.. මං ඔයාව මගේ ලඟට ගන්න බය උනු හේතුව දැන් ඔයාට තේරෙනවද ? "
හසරැල්ගෙ නිදහස් අත එයාගෙ අතක තදින් පටලගෙන ඇස් උස්සලා නුවේද් ඇහුවෙ හසරැල්ගෙ ඇස් දිහා බලාගෙන..
" මං ඔයා ලඟ නැවතුන එක ගැන කවදහරි දවසක රිග්‍රෙට් කරයි කියලා ඔයා හිතනවද ? "
හසරැල්ගෙ ඇස් වල තිබුනෙ අන්න එහෙම ප්‍රශ්නයක්..ඒකට දෙන්න ඕනෙ උත්තරේ ගැන නුවේද්ට අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බෙ නෑ.. එයා ඒකට උත්තරේ දන්නවා..
" ඔයා ඒක ගැන කවදාවත් රිග්‍රෙට් කරන එකක් නෑ කියලා මට එදා දැනුනෙ නැත්තම් , ඒක ගැන විශ්වාසයක් ඔයාගෙ ඇස් වල එදා දැක්කෙ නැත්තම් මං කීයටවත් ඔයා එක්ක මෙච්චර දුරක් එන්න හිතන්නෙවත් නෑ.. මං මෙහෙම හරි හිනාවෙලා ඉන්න ලොකුම හේතුව ඔයා... සෑහෙන කාලයක් තිස්සෙ මට ඇත්තටම හිනාවෙන්නත් අමතක වෙලයි තිබුනෙ.. ඔලුව ප්‍රශ්න වලින් පිරුණහම ලඟට දුවන් ඇවිත් හිතේ තියෙන දේවල් එලියට දාලා මෙහෙම නිවෙන්න පුලුවන් තැනක් හැම මනුස්සයෙක්ගෙම ජීවිත වල තියෙන්න ඕනෙ දිනේත්‍ර... ඔයා කියන්නෙ මට අන්න එහෙම සැනසිමක් අරන් එන තැනක්... "
නුවේද් එයාගෙ වචන වලට පොඩි මොහොතකට තිතක් තියලා ඈතක රඳවන් උන්නු එයාගෙ ඇස් ආයෙම හසරැල්ගෙ දිහාවට අරන් ගියා..
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️