ƈԋαρƚҽɾ 01

5.5K 291 52
                                    


"තාත්තා මං කාර් එක පොඩ්ඩකට අරන් යනවා.. කී එක දෙන්නකො"

එහෙම කියන ගමන් හසරැල් කාමරෙන් එලියට ආවෙ කොහෙදෝ යන්න ලෑස්ති වෙලා..

"ඉලන්දාරියා කොහෙ යන්නද මේ?"

"අද ටවුන්හෝල් එක ගාව ප්ලාන්ට් එක්සිබිශන් එකක් තියෙනවා.පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දාල එන්නම්"

" මෙයාට ඉතින් ගස් ගල් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑනෙ.ගිය ආත්මෙ දළඹුවෙක්ද කොහෙද... "

හසරැල්ගෙ අක්කා , පාරමී එහෙම කිව්වෙ හසරැල්ව අවුස්සන්න හිතාගෙන නම් එයාගෙ උත්සහය එහෙම්මම වතුරෙ ගියා.මොකද හසරැල් අක්කා ඉන්නවද කියලා ගානක්වත් නැති ගානට තාත්තා ගෙනත් දුන්නු කී එකත් අරගෙන ගෙයින් එලියට බැස්සා..

"මුගෙ ඔලුව යකෝ.දෙන්න හිතයි හොම්බ සමතලා වෙන්න.."

එයාව ගනන් ගත්තෙ නැති එකට පාරමීට දැන් තරහයි..එයා හසරැල්ට බැන බැන කුස්සියට ගියෙ එහෙම කියන ගමන්.

අක්කට මල්ලිවත් මල්ලිට අක්කවත් නැතුව ඉන්න බැරි එක වෙනම කතාවක්.හැබැයි කොයි ගෙදරත් වගේ මෙහෙත් ඔය වගේ පොඩි පොඩි රණ්ඩු , ගහගන්න මරාගන්න ඒව හරිම සාමාන්‍ය දේවල්..

කාර් එකට නැගලා හසරැල් මුලින්ම කරේ airpods දෙක ගහගෙන ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ කරපු එක.. ඒක ඉස්සර ඉඳන්ම එයාගෙ පුරුද්දක් විදියට ආපු දෙයක්..

"දැසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ...."

යන ගමන් ඇහෙන සින්දුවත් මුමුණ මුමුණ තාලෙට ඔලුව හොලව හොලව ගියාට මොකද සින්දුවෙ කියනවා වගෙ දෙව්ලියක්නම් තාම හසරැල්ගෙ ජීවිතේට අඩියක්වත් තියලා තිබ්බෙ නෑ.ඒකට හේතුව හසරැල් වැඩිය සමාජශීලී කෙනෙක් නොවුන එකද , කිසිම කෙනෙක්ව ලොකුවට කෙයා කරපු නැති එකද නැත්තම් ඒ මොක උනත් රූපෙන් නම් කිසිම අඩුවක් එයාගෙ තිබ්බෙ නෑ.. ස්කෝලෙ ගිහින් ඉවර උන ගමන් ම හසරැල් කොන්ඩෙ වවන්න ගත්තෙ ස්කෝලෙ කාලෙ ඔය එක එක සුකුරුත්තම් වැඩ වලට ඉඩ නොදීපු නීති රීති දැන් දාන්න කවුරුත්ම නැති නිසා.ගෙදරින් කියලා කිස්ම දේකට හසරැල්ට බලපෑමක් තිබුනෙ නෑ.. අරක එපා මේක එපා කිය කිය තහංචි දැමිල්ලක් අම්මගෙන්වත් තාත්තගෙන්වත් එයාටවත් අක්කටවත් තිබ්බෙ නෑ.. එයාලනම් කිව්වෙම තරුණ කාලෙ නොකරන දේවල් ආයෙ නාකි වෙලා කරන්නද කියල විතරයි.හැබැයි නීති රීති නොදැම්මට මොකද අම්මා, තාත්ත දෙන්නම ඒ දෙන්නා ගැන හොඳ හෙවිල්ලෙන් හිටියෙ.ඒවගේම ඒ දෙන්නා තමන්ගෙ දරුවො දෙන්නව හොඳට තේරුම් අරන් හිටියා.. ඒ දෙන්නගෙ ඕනෙම දේකදි ලඟින්ම ඉන්නවා කියලා ඒ දෙන්නට දැනෙන්න දුන්නා.එයාලගෙ ජීවිතේ එයාලා කැමති දේවල් , කැමති පාරවල් තෝරගන්න ඉඩ දුන්නෙ ඒවට එයාගෙ උපදෙස් , එයාලගෙ සහයොගයත් දෙන ගමන්.

සුළඟ නුඹ ( Sinhala BL )Where stories live. Discover now