එයාගෙ ඇස් ගියෙ සුදූ ගාවට.. තප්පර කීපෙකින් ආයෙම මගෙ ඇස් ගාව නැවතුනා.. මම හිනාවෙලා ඇස් වලින් ඇයි කියල අහනකොට එයා ගැස්සිලා වගේ ඉස්සරහ බලාගෙන අර කොල්ලො දෙන්නවත් දාලා ටිකක් වේගෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා.. මගෙ මූනෙ තිබ්බ හිනාව වැඩි උනේ එයා ඇවිදන් ගිය විදියට..
"මෙයාව පොඩ්ඩක් ඇවිස්සුවම මෙච්චර හැපි ඇයි අප්පා "
මම එහෙම හිත හිත ඉන්නකොට සුදූ ආයෙම කතා කරා...
" අයියා.. මොනවද හලෝ තනියම හිනාවෙවී කියවන්නෙ? මොන ලෝකෙද ඉන්නෙ ? ඔයා අර බෝයිව දන්නවද? "
හසරැල් ගිය දිහාවට ඇස් යවන ගමන් සුදූ එහෙම අහනකොටයි මං මේ ලෝකෙට ආවෙ.. ඔව් ඔව් හරි.. මෙච්චර වෙලා මං අර ඇන්ග්රි බර්ඩ්ගෙ ලෝකෙලුනෙ ඉඳලා තියෙන්නේ...
හරිනෙ අමාරුව.. දැන් දීපල්ලකො උත්තර..
" මොන බෝයිද? "
මුකුත් උනේ නෑ වගේ මං කතා කරා..
" අනේ මේ මං කොන්ඩෙ බැඳපු චීනෙක් වගේ පේනවද ඔයාට? ඔයා අර හිනාවෙවී ඇස් ගහපු කොල්ලා ගැනයි මං මේ අහන්නෙ.. "
හුටා.. ඒකත් දැකලද....
" මේ මම ? "
පුදුම වෙලා වගේ මම එහෙම ඇහුවා..
" නෑ ඔයාට එහා පැත්තෙ ඉඳන් ඉන්න හොල්මන.."
" මට එහා පැත්තෙනම් ඇති හොල්මනක් නෑ.. මෙහා පැත්තෙනම් ඉන්නවා.. හොල්මනක් නෙමේ හොල්මන් කෙල්ලෙක්.." සුදූ දිහාට ඇස් යවන ගමන් කියද්දි සුදූ මගෙ අතකුත් කොනිත්තලා නැගිටලා අර බබා ගාවට ආයෙම ගියෙ මට බැන බැන..
කොහොමහරි ඒකෙන් සුදූගෙ ප්රශ්න වලින් මං බේරුනා..
ඇයි මං එයා ගැන සුදූට නොකිව්වෙ?
මට තිබ්බෙ පලවෙනි ප්රශ්නෙ ඒක..
ඒත් කියන්න තරම් දෙයක් නෑනෙ.. එයා ගෞරිගෙ ශොප් අලුත් florist boy.. එච්චරයි ..
එහෙම හිතලා ආයෙම හසරැල් ලා ගිය පැත්ත බැලුවත් එයාලා පේන්න හිටියෙ නෑ..
ඉන්න.. දෙවනි ප්රශ්නෙට තාම උත්තරයක් හම්බුනේ නෑනෙ..
ඇත්තටම හොල්මනගෙ ෆීමේල් වර්ශන් එකට කියන නම මොකද්ද ? හොල්මනී , හොල්මන් කෙල්ල,හොල්මන් කෑල්ල..