කාර්යබහුල කඩ වීදියක දම්වැල් වලින් බැඳ දමා තිබූ නිරුවත් තරුණයන් දස දෙනෙක් අට්ටාලයක් මත වෙළඳ භාණ්ඩ මෙන් සාමාන්‍ය පාරිභෝගික මිලදී ගැනීම සඳහා වෙන් කර තිබුනා.
තරුණයන් දස දෙනාම හොඳින් වැඩුනු හැඩි දැඩි තරුණයන්.
එහෙත් ඔවුන්ගේ පැහැයේ අඩු බව නිසාම ඔවුන්ට සිදු වුනේ කටුක ඉරණමකට නතු වීමට.
වර්ණ භේදය ඉහ මුදුනින්ම පිලිගන්නා වර්ජීනීයා ජනපදය තුල පැහැයෙන් වැඩි රූමත්, කඩවසම් පිරිස ධනවතුන් ලෙසත්, රූමත් හෝ කඩවසම් වූවත් පැහැයෙන් අඩු පිරිස වහලුන් ලෙසත් පිලිගැනීම මේ සමාජය තුළ වසංගතයක් මෙන් පැතිර ගොස් හමාරයි.
පැහැයෙන් අඩු පිරිස වහල් සේවයට යොදා ගැනීම වර්ජිනියාව තුළ එකල සිදු වූ සාමාන්‍ය සිරිතක්.
නමුත්, හැඩි දැඩි තරුණයන් පමණක් නොව රූමත් කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් පවා අනුකම්පා විරහිත වහල් සේවයට යොදා ගැනීම සමාජයේ ධනවත් යැයි සැලකෙන පිරිසට හුදෙක් විනෝද ක්‍රීඩාවක් පමණයි.
***
දම්වැල් වලින් බැඳ තබා ඇති නිරුවත් තරුණයන් දස දෙනා එකින් එක්කෙනා රන් කාසි සමඟ හුවමාරු වෙද්දි තවත් එක් අයෙක් පමණක් ඉතිරිව සිටියා.
උරහිස ළඟට දිගු කැරලි කොණ්ඩයකට හිමිකම් කී ඒ තරුණයා අනිත් නවදෙනාටම වඩා ශක්ති සම්පන්න බව බැලූ බැල්මට ඕනම අයෙක්ට වැටහේවි. නමුත් තවමත් ඔහුව මිලදී ගැනීමට අයෙක් ඉදිරිපත් නොවීම පුදුමයට කරුණක්.
හිරු බැස යාමට ආසන්න වන විටත් හැඩි දැඩි තරුණයා තවමත් සිටියේ අට්ටාලය මත සිටගෙන. නමුත් වැඩි වේලාවක් නොගොස් විකුණුම්කරුගේ කටහඬින් තරුණයාගේ පහලට බර වී තිබූ ඇස් එසවුනා.
"" මේ ඉන්නේ තමුන්ගේ අලුත් අයිතිකාරයා. "'"
විකුණුම්කරුගේ දරදඩු හඬට ඇස් එසවූ තරුණයා දුටුවේ තමන් ඉදිරිපිට සිටගෙන සිටින ධනවතෙක්.
අලුත් ස්වාමියාගේ රුව ඇස් ගැටුන වහාම තරුණයා නැවතත් ඇස් පහලට බර කරා. පෙනුමින් ඔහු කඩවසම්. නමුත් බැලූ බැල්මට ඔහු තරුණයා මෙන් දෙගුණයකට වඩා වයසයි.
තරුණයාගේ පහලට බර වූ ඇස් තවත් ඒ අයුරින්ම තිබියදි විකුණුම්කරු තරුණයාගේ දම්වැල් ලිහා දැමුවා. නමුත් බෙල්ලට තද වූ ලෝහ රවුම තවමත් පෙර පරිදිමයි.
""යමු! ""
හීලෑ වුන සුනඛයෙක් මෙන් ඔහු ධනවතා පසුපසින් ඇදී ගියා.
ධනවතා අශ්ව කරත්තයට ගොඩ වුන විට තරුණයාගේ බෙල්ලට තද වුනු ලෝහ රවුමෙන් පහලට එල්ලුන දම්වැල, කරත්තයේ එක කොනක ගැට ගැසූ කරත්තකරු නැවත අසුනට පැමිණ ඔහුගේ අතෙහි තිබූ කසයෙන් අශ්වයින් පිට පහරක් එල්ල කරා. ඒ සැනින් අශ්වයන් ඉදිරියට ඇදුනා.
ඒ පසුපසින්ම තරුණයාත් කරත්තයේ වේගයට සමාන වේගයකින් දිව ගියා.
වැඩි වේලාවක් නොගොස් කරත්තය ඇතුළු වුනේ විශාල වපසරියක පැතිර තිබූ මන්දිරයකට.
කරත්තය නතර කල සැනින් තරුණයා බිම ඇද වැටුනා. බලා සිටින කෙනෙක් බිය ගන්වන තරමටම ඔහු වේගෙන් හුස්ම ගත්තා.
'''' තමුන්ගේ නම!? ""
ධනවතා ප්‍රශ්න කරද්දි තරුණයා ඇස් එසෙව්වා.
'"'' ට්..ටේහ්‍යුන්. ටේහ්‍යුන් කිම් ''''
"" හ්ම්. ජියොන් පවුලේ අලුත් වහල් සේවකයා! ""
සමච්චල් හිනාවකින් පැවසූ ධනවතා පැලද සිටි බූට් සපත්තුවෙන් තරුණයාගේ බඩට පහරක් එල්ල කරා. ඒ පහර නිසා තරුණයා වැටී සිටි තැනම ගුලි වුනත් නිවසින් පිටතට පැමිණි අයෙක්ගේ කටහඬක් දෙසට තරුණයාගේ හිතුවක්කාර ඇස් එල්ල වුනා.
"" පපා? ""
* * *
01/08/2024
YOU ARE READING
Walking Shadow || TK
FanfictionShadows lengthen, whispers low, A silent warning, winds will blow, In the night, the spirits know, Paths once safe, now dangers show. Taekook (sin.) Fanfiction Cover credit : Daisy_III