Chapter 2

79 27 6
                                    

නිවසින් පිටතට පැමිණියේ තවත් තරුණයෙක්. මිල අධික ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටි තරුණයා වේග අඩි වලින් ටේහ්‍යුන් සහ මාස්ටර් ජියොන් අසලට පැමිණියේ කුමක් හෝ පැවසීමට බව ඔහුගේ මුහුණේ ඉරියව් වලින් පෙන්නුම් කරා.

නමුත් ඒ තරුණයාගේ ඇස් ක්ෂණිකව යොමු වුනේ නිරුවතින් වැටී සිටින වහල් තරුණයා වෙතට.

හිසේ සිට පාද‍ාන්තය තෙක් ධනවත් තරුණයාගේ ඇස් වහල් තරුණයාගේ සිරුරෙහි උඩු දිව්වා.

කාමුක ඇස් දෙපලකට හිමිකම් කිවූ ධනවත් තරුණයාගේ සිනහවෙත් පිරි තිබුනේ ඇස් දෙපලට නොදෙවෙනි වුන කාමුක බවක්.

"" නම !? ""

'''ටේහ්‍යුන් කිම්''''

'''"ප්‍රියජනක නමක්. නමුත් ඔබ අප්‍රියජනකයි''

ධනවත් තරුණයා ඔහුගේ සාහසික වදන් වලින් ටේහ්‍යුන්‍ට පහරක් එල්ල කරා. උපන් දා සිට පහත් සැළකිළි හා අවමානවලට උරුමකම් කියූ ටේහ්‍යුන්ගේ සවනට මෙය හුදෙක් වචන පෙළක් පමණයි. නමුත් ධනවත් තරුණයාගේ වචන ටේහ්‍යුන්ගෙ වේදනා දෙන හදවත දවා අලු කරේ අංශු මාත්‍රයක අනුකම්පාවක් හෝ නොමැතිව.

"" ලියවිලි සකසන තුරු මොහුව ගබඩාවට දමා ගැටගසන්න!''''

""එහෙමයි මාස්ටර් ජියොන්.''"

මාස්ටර් ජියොන්ගෙන් ලැබුණු අණට අවනත වුන මාස්ටර් ජියොන්ගේ ආරක්ෂකයා කරත්තයේ ගැට ගසා තිබූ දම්වැල ලිහා දැමුවා.

තවමත් ටේහ්‍යුන්ගෙ හුස්ම ගැනීමේ රටාව වේගවත්. මේ වන විටත් ටේහ්‍යුන්ගෙ උගුරු දණ්ඩ වියලී ගොසින්. වතුර පොදක් ඉල්ලීමට ටේහ්‍යුන්ගෙ හිත කෑ මොර දුන්නාත් ප්‍රාණයක වටිනාකමක් නොහඳුනන මෙවන් ධනවතුන් ටේහ්‍යුන්ගෙ ඉල්ලිමට කොහෙත්ම සවන් නොදේවි.

ටේහ්‍යුන්ගෙ ගෙලෙහි ලා තිබූ ලෝහ රවුම ආරක්ශකයා ඉවත් කර දැමුවා. පහලට බර වී තිබූ ගෙල මදක් හෝ පහසුවෙන් එසවීමට ටේහ්‍යුන්ට හැකි වූයේ ලෝහ රවුම් ඉවත් කල පසුවයි.

නමුත් පැය ගණනක් බරෙන් අධික යකඩයක් එල්ලාගෙන සිටීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස ටේහ්‍යුන්ගෙ ගෙල අසලින් ආරම්භ වූ හිරිවැටීම මේ වන විටත් මුළු ශරීරයම වෙලා ගෙන අවසානයි.

Walking Shadow || TKWhere stories live. Discover now