"" ටේහ්‍යුන්? ""
ටේහ්‍යුන්ගෙ අතෙහි වූ මැටි බඳුන දෙපා අසලට පතිත වුනා. ඔකාරාගේ හඬින් පියවි සිහිය ලද ඔහු විසල් වූ දෙඇසින් ඔකාරා දෙස බැලුවා.
""මොනාද කල්පනා කරන්නේ ටේහ්‍යුන්? මම ඔබට කීප වරක්ම කතා කලා. නමුත් ඔබේ සිහිය බොහෝ දුර ගිහින්""
"ඔහ්!! සමාවෙන්න ඔකාරා."" මද සිනහවකින් පිලිතුරු දුන් ටේහ්‍යුන් හිඳගෙන සිටි ගල් පඩියෙන් නැගිට ඇඳුමේ ඇලී තිබූ දූවිලි පිහදැමුවා.
""ඔබ හොඳින්ද? තුවාල කැලැල් තවමත් වේදනයිද?? "" නැවතත් බැරෑරුම් මුහුණකට අනුවර්තනය වුන ටේහ්‍යුන්ගෙන් ඔකාරා විමසුවත් ඔවුන් දෙසට දිව ආ කුඩා පිරිමි දරුවා ටේහ්‍යුන්ගෙත් ඔකාරාගෙත් සංවාදයට බාධා වුනා.
දිව ආ කුඩා පිරිමි ළමයා ඔකාරාව වැලදගත්තා. ඔකාරාත් ආදරණීය සිනහවකින් පිරිමි දරුවාගේ කෙස් මතින් සියුම් හාදුවක් තැවරුවා.
""ටේහ්‍යුන්.. මේ සීමොන්. මගේ පුතා. """
තමන් දෙසත් තම පුතු දෙසත් බලා සිටින ටේහ්‍යුන්ට ඔකාරා පවසද්දි ටේහ්‍යුනුත් ආදරණීය සිනහවකින් සීමෝන්ට සංග්‍රහ කලා.
""මේ කවුද මමා ? ''' සීමෝන් ටේහ්‍යුන් දෙසට තම හුරුබුහුටි ඇඟිල්ලක් දික් කලා.
""ඔහු ටේහ්‍යුන්. ඔහු මන්දිරයට නවකයෙක් සීමෝන්. යන්න. ඔහු සමග මිතුරු වෙන්න. ''''
සීමෝන්ට පැවසූ ඔකාරා ටේහ්‍යුන් හා ඔහුව තනිකර එතැනින් පිටව ගියා.
තම මවගේ උපදෙස් පරිදි ටේහ්‍යුන්ට ළං වුන සීමෝන් ටේහ්‍යුන්ගෙ කමිසය තම ඇඟිලි වලට ගුලි කර අව්‍යාජ සිනහවක් පෑවා.
""සීමොන්.. නම වගේම ඔබත් සුන්දරයි.'' ටේහ්‍යුන් සීමෝන්වත් ඔසවාගෙන ගල් බැම්ම මතින් ඉඳගත්තා.
'' සැබෑද? වෝරාත් සීමෝන් සුන්දර බව කියනවා. නමුත් වෝරා සුන්දරයි. ඇය දෙවඟනක් මෙන් සුන්දරයි. "" සීමෝන්ගේ රතු ගැසුනු පිරුනු කම්මුල් සිනාසුනා.
""වෝරා? ඒ කවුද? ""
""මගේ සහෝදරී "" සීමෝන්ගේ වචන හමුවේ ටේහ්‍යුන්ගෙ ඇහි බැමි හැකිලුනා.
YOU ARE READING
Walking Shadow || TK
FanfictionShadows lengthen, whispers low, A silent warning, winds will blow, In the night, the spirits know, Paths once safe, now dangers show. Taekook (sin.) Fanfiction Cover credit : Daisy_III