Chapter 7

96 24 14
                                    

කලින් කියවපු අය කැමති නම් ආයේ කියවන්න. මේක ආයේ මුල ඉදන් ලිව්වා. මං හිතන්නෙ සමහර කොටස් ටිකක් අලුතින් add උනා

______________________________________

අලුයම උදා වෙනවත් සමඟම ජියොන් මන්දිරයේ දවසේ වැඩ රාජකාරින් ආරම්භ වුනා. නමුත් අද වෙනදාට වඩා මන්දිරය කාර්‍යබහුලයි.
රාත්‍රියේ පැවැත්වීමට සූදානම් වුන යන්ග් ලේඩි ජියොන්ගේ උපන්දින සාදය වෙනුවෙනුයි ජියොන් මන්දිරය මෙතරම් කාර්‍යබහුල.

කිසිඳු අඩුපාඩුවකින් තොරව උත්සවය සිදු කිරීමට මාස්ටර් ජියොන් ඔහුගේ සේවකයන්ට මෙන්ම වහළුන්ටත් අණ දුන්නා. ඔවුන් සෑම කාර්‍යකම පරිපූර්ණ බව සහතික කරමින් වැඩයේ නිරත වුනා.
ජියොන් මන්දිරය ඇතුලත වෙනමම ශාලාවක් වර්ණවත් , මිලෙන් අධික සිල්ක් සහ වෙල්වට් රෙදි වලිනුත් , නැවුම් මල් සැරසිලි වලිනුත් සරසා තිබෙද්දි මන්දිරය ආලෝකවත් කිරීමට පහන් කූඩු තැනින් තැන එල්ලා තිබුනා. දිගු කෑම මේසය පුරා රිදී ලෝහයෙන් නිමවූ හැඳි ගෑරුප්පු සහ උසස් තත්වයේ පෝසිලේන් බඳුන් පිලිවෙලකට අසුරා තිබෙද්දි උස ඉටිපන්දම් ඔවුන්ගේ රඳවනයන් තුළ ආඩම්බරයෙන් සිටගෙන සිටියේ ඔවුන්ගේ ගිනිදැල් ස්ථාවරව සහ දීප්තිමත්ව බැබලෙද්දි.

මේ අතර සංගීතඥයින් ජියොන් මන්දිරයේ ඔවුන්ට වෙන්වූ කොටසේ පුහුණුවීම් සිදු කරමින් සිටියා. වීණාවක සියුම් තනුව හා මුසු වුනු වයලීන් හඬත් , වියෝලාව සහ සැක්සෆෝනයේ හඬත් ජියොන් මන්දිරය පුරා මියුරු තනු මිශ්‍ර වුනු ගංගාවක් මෙන් ගලා ගියා.

සූදානම් වෙමින් තිබූ බැදපු මස් , සුප් වර්ග , විවිධ කේක් වර්ග , නැවුම්ව බේක් කරන ලද පාන්  , සලාද වර්ග , වයින් වර්ග , චීස් බෝල , නැවුම් පලතුරු සහ කොකෝවා මිශ්‍ර ආහාර වලත් සුවඳ මන්දිරය පුරා පැතිර යාම මේ වන විටත් ආරම්භ වී තිබුනා.

.

.

.



..

"" මට වතුර කෝප්පයක් දෙන්නකො.. හරිම මහන්සියි.""

ටේහ්‍යුන් ගල් පඩියක් මතින් ඉඳගත්තේ නලලින් බේරුනු දහඩිය වැලමිටින් පිහදමන ගමන්.

Walking Shadow || TKWhere stories live. Discover now