Chapter 9

111 22 12
                                    

⚠️️ Torture part එකක් තියනවා අන්තිම හරියේ. අපහසුයි නං කියවන්න එපා හොඳද..

______________________________________

""මොකද මෙතන වෙන්නේ!? ""

ඒ මාස්ටර් ජියොන්. දෙඅත් පිටුපසට කර බර අඩි තබමින් ඔහු යන්ග් මාස්ටර් ඊසායි අසලින් සිට ගත්තේ ඉදිරියේ සිටින ටේහ්‍යුන්ටත් ඔකාරටත් දරුණු බැල්මක් හෙලන අතරේ.

"" මාස්ටර් ජියොන්.. ඔබ ආවෙ හරිම වෙලාවට.. මේ! මේ වහලා මට තර්ජනය කරා!""

යන්ග් මාස්ටර් ඊසායිගේ ඇඟිලි දික් වුනේ ඔකාරාව පිටුපසට කර හිස පහත් කරගෙන සිටින ටේහ්‍යුන් දෙසට.

""තමුන්!! ඒ තරම් නිර්භීතකමක්!! ""

ඒත් සමඟ සැර අතුල් පහරක් ටේහ්‍යුන්ගෙ කම්මුල හරහා ගමන් කරා. නමුත් ටේහ්‍යුන් හිස පහත් කරගෙනම මාස්ටර් ජියොන්ගේ අතුල් පහර භාරගත්තා.

මාස්ටර් ජියොන්ගේ දෑස් කෝපයෙන් ඇවිලුනා. යන්ග් මාස්ටර් ඊසායි, ජියොන් පවුලේ අතීශය වැදගත් ආගන්තුකයෙක් වෙද්දි ඔහුට මේ සිදු වුනු අවමානය සුළුවෙන් තැකීමට මාස්ටර් ජියොන් කොහෙත්ම සූදානම් නැහැ.

"" මොහුට අනිවාරෙන් දඩුවම් දෙන්න ඕන මාස්ටර් ජියොන්. මේ වහලුන් අනිවාරෙන් දැනගන්න ඕන තමන්ගේ තත්වේ ගැන! ""

දිගින් දිගටම යන්ග් මාස්ටර් ඊසායි ටේහ්‍යුන්ට වැරදි පටවද්දි මාස්ටර් ජියොන් යන්ග් මාස්ටර් ඊසායිගේ වචන එක හෙලාම විශ්වාස කරා.

"" ඩේවිඩ්!! මේ වහලාව ගෙනියන්න! සවස් වරුව වෙනකන් මොහුගෙ ගෙල සිර කර තබන්න! එවිට තේරුම් යයි, වැරැද්දේ බරපතලකම. ""

මාස්ටර් ජියොන් ටේහ්‍යුන්ට තියුණු බැල්මක් එල්ල කරද්දි එකවරම ටේහ්‍යුන්ගෙ දෑස් ඉහලට එස වුනා. ඒ දෑස් වල පිරි තිබුනේ බියක්.

මරණය පෙනි පෙනී හුස්ම යදිනවට වඩා එකවර මිය යාම ඇත්තෙන්ම භාග්‍යක්.

මාස්ටර් ජියොන්ගේ සේවකයෙක් ටේහ්‍යුන් ඉදිරියට එද්දි ටේහ්‍යුන්ගෙ කොඳු ඇට පෙල හරහා දරුණු සීතලක් ගලාගෙන ගියා. ඔහුගේ ආත්මයම බියෙන් වෙව්ලන්න ගත්තා. නමුත් දුර්වලකමක කිසිඳු සලකුණක් පිටතට පාවා නොදෙන්න තරම් ඔහු ශක්තිමත් වුනා.

Walking Shadow || TKWhere stories live. Discover now