දළුපත් ස්පර්ශ කරන සිහින් අතැඟිලි අතරින් පිනිබිඳු ගලාගෙන ගොස් බිම පතිත වෙද්දි වල ගැසුනු දෙකොපුල් සිනා වුනා.
එකින් එක දළු පත් අතර අතැඟිලි ගෙන යන ඇය, ඇයගේ දිදුලන දෑස් මන්දිරය දෙසට හැරෙව්වේ බොරළු පොලොව මත තෙරපෙන අඩි ශබ්දයට."" ඔහ්! යන්ග් මාස්ටර් ජියොන්? සුභ උදෑසනක්. ""
හිස නමා ආචාර කල ලුසිල්ඩා සිනාසුනා. නමුත් නැවත ප්‍රතිචාරයක් වෙනුවට යන්ග් මාස්ටර් ජියොන්ගෙන් ඇයට ලැබුනේ හිස සැලීමක්.
.
.
"" ඔබ සතුටින් වගේ. විශේෂ හේතුවක්ද....""
"" අනිවාරෙන්. විවාහයට දින නියම වෙද්දි සතුටු නැති වෙයිද.. මාස්ටර් ජියොන් පැවසුවා, ඉක්මනින්ම විවාහයට කටයුතු සූදානම් කරන බවක්.""
මදකට ඔහු නිසල වුනා. නමුත් බලහත්කාරයෙන් මවා ගත් සිනහවකින් ඔහු ඔහුගේ ප්‍රතිචාරය වසා ගත්තා. ඔහු ඔහුගේ සිතුවිලි මොහොතකට කුනාටුවකට පාවා දුන්නා.
""එහෙමද"" අවසානයේ යන්ග් මාස්ටර් ජියොන් පිලිතුරු දුන්නත් ඔහුගේ හඬ බාල වුනා, ඒ කටහඬ ඔහුගේ හැඟීම් පාවා දීම ප්‍රතික්ෂේප කලා.
"" ඔව්. මම මේ දවස ගැන සිහින මැවුවා.....! ඔබට සතුටු නැතිද....."" මුව පුරා ඇදුනු සිනහවකින් ලුසිල්ඩා ඇයගේ සතුට පුකාශ කලේ ඔහුගේ ව්‍යාජ සිනහව පිටුපස සැඟවුනු කැලඹීම ගැන කිසිත් අවබෝධයක් නොමැතිව.
"" ඔ..ඔව්.. ඔව් සතුටුයි. ග්..ගොඩක්. ""
ඔහුගේ වදන් ඔහුගේ හැඟීම් වලට ද්‍රෝහි වෙද්දි අවර්ණ දියරයක් ඔහුගේ චායාව බොඳ කරන්නට සූදානම් බව ඔහුට හැඟී ගියා.
"" ම්ම්..මට වැදගත් කාර්‍යක් තිබෙනවා. මම... පසුව ඔබව මුන ගැහෙන්නම්. ""
ලුසිල්ඩාගේ සිනහව ක්‍රමයෙන් මැකී ගියත් යන්ග් මාස්ටර් ජියොන් පිටව යාමට සැරසෙද්දි ඇය මවාගත් සිනහවක් සමඟ හිස සැලුවා.
දෙවරක් නොසිතා ඔහු ඉක්මන් ගමනින් මන්දිරය පිටුපසට ගමන් කරා. ඇයව නොපෙනී ගිය පසු හැඟීම් වල බරින් ඔහුගේ මුහුණ ඉරිතලා ගියා.ඔහුගේ දෙපා ඉදිරියට ඇඳුනා. ඉදිරියට තබන අඩියක් පාසා ඔහුගේ දෑස් ඒ රූපය සෙව්වා. අවටින් ලැබෙන ආචාරයන් ගැනවත් සිතන්න නැහැ තිබුනේ ඔහුට සිහියක්.
ඔහුගේ දෑස් මඩුව පුරාත්, ඒ අවටත් දිව යනවා. ඔහු ඔහුට අවශ්‍ය රූපය සොයනවා. නමුත් නැහැ චායාවක්වත්.
YOU ARE READING
Walking Shadow || TK
أدب الهواةShadows lengthen, whispers low, A silent warning, winds will blow, In the night, the spirits know, Paths once safe, now dangers show. Taekook (sin.) Fanfiction Cover credit : Daisy_III