""මට ඔබෙන් ප්‍රශ්නයක් ඇසිය හැකිද යන්ග් මාස්ටර් ජියොන්? """.
"" ඔබ මගෙන් සැබවින්ම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ""
ටේහ්‍යුන් විමසුවේ එපමණයි. යන්ග් මාස්ටර් ජියොන් ඔවුන් අතර වූ පරතරය බිඳ දැමුවා. ඔහුගේ ඇස් මට්ටමට වුනු අඳුරු පැහැ දෙතොල් ඔහු ඔහුගේ බැල්මෙන් වසා ගන්නා අතරේ ඔහුගේ සීතල ඇඟිලි ඒ අඳුරු පැහැ කමිසය පොඩි කරා. ඒ සියල්ල හමුවේ රතු පැහැ දෙතොලක් අඳුරු පැහැ දෙතොලක උණුහුමක් සොයා ගියා.
______________________________________
රතු පැහැ දෙතොල් ඔහුට රිසි පරිදි අඳුරු පැහැ දෙතොල් අතරේ උනුසුම සෙව්වා. අඳුරු පැහැ කමිසය ග්‍රහණය කර සිටි සිනිඳු ඇඟිලි තව තවත් ඔහුගේ ග්‍රහණය වැඩි කලා. ඒ අතරේ සීතළ වූ රළු දෙඅත් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිව පහලට බර වී තිබුනා.
යන්ග් මාස්ටර් ජියොන්ගේ සිනිඳු දෙතොල් වලට ආවේණික වුනු රසය ටේහ්‍යුන්ගෙ රස නහර හරහා වේගයෙන් ගලා යද්දි ඔහුගේ හදවත් ඒ හා සමානවම වේගයෙන් ගැහෙන්නට වුනා.
විනාඩියක් පසු වෙද්දි යන්ග් මාස්ටර් ජියොන් ටේහ්‍යුන්ගෙ අඳුරු පැහැ දෙතොලෙන් ඈත් වුනා. නමුත් ඒ අඩවන් වුන දෑස් ටේහ්‍යුන්ගෙ දිගැටි දෑස් හා යා වෙද්දි යන්ග් මාස්ටර් ගන්නා සෑම හුස්මක්ම ටේහ්‍යුන්ගෙ ගැඹුරු හුස්ම හා මුසු වුනා.
""මගේ තේරීම වෙනස්. මා කලිනුත් පැවසුවා. ""
යන්ග් මාස්ටර් ජියොන්ගේ මෘදු කටහඬ ටේහ්‍යුන්ගෙ සවනට කා වැදුනද යන්න සැකයක්! ඔහුගේ සවන් දැනටමත් අගුල් වැටී හමාරයි. ඔහුගේ දෑස් ආගාදයක් බඳු දෑසක් තුළ දරුණු සටනට නියැලුනා. කෙමෙන් කෙමෙන් ටේහ්‍යුන් ඒ දෑස් වල ගැඹුරට ඇදී ගියා.
"" සමහර අහඹු හමුවීම් වල ගැඹුරු හැඟීම් සැඟවී තියෙනවා. මම එය විශ්වාස කරනවා. ""
සීතල ස්පර්ශයක් ටේහ්‍යුන්ගෙ රළු ඇඟිලි මත දැවටෙද්දි ටේහ්‍යුන්ගෙ අවධානය එකවර බිඳී ගියා. නමුත් යන්ග් මාස්ටර් ජියොන්ගේ වචන වල අර්ථය කුමක්ද? වටහා ගැනීමට අපහසු වූ තැන ටේහ්‍යුන්ගෙ දෑස් කලබලෙන් එහා මෙහා දිව ගියත්, මොහොතකටවත් ඒ දෑස් නැවත යන්ග් මාස්ටර් ජියොන් දෙස බැලුවේ නැහැ.
YOU ARE READING
Walking Shadow || TK
FanfictionShadows lengthen, whispers low, A silent warning, winds will blow, In the night, the spirits know, Paths once safe, now dangers show. Taekook (sin.) Fanfiction Cover credit : Daisy_III