පසුදිනත් සුපුරුදු ලෙස සියළු වහලෙක්ම තමන්ට නියමිත් කාර්යන් සිදු කරද්දි ටේහ්‍යුන්ට අවස්ථාවක් හිමි වුනා ජියොන් මන්දිරයෙන් පිටතට යාමට. ඒ යන්ග් මාස්ටර් ජියොන්ගේ සේවකයා ලෙස. අත්‍යාවශය කාර්යකට ඇර වහලෙකුට මන්දිරයෙන් පිට වීමට අවස්ථාවක් නොලැබී යද්දි ටේහ්‍යුන්ට මේ ලැබුනු අවස්ථාව චකිතය මිශ්‍ර වුනු උද්යෝගී බවක් ඇති කලා.
කාර්යබහුල වීදිය හරහා සුඛෝපභෝගී කරත්තය ගමන් කරන විට පසු වෙන සෑම දර්ශනයකම නැවුම් සුවඳ විදගනිමින් ටේහ්‍යුන් ඔහුගේ දෑස් වල ඒ සියල්ලම දැඩි ආශාවකින් සිතුවම් කරා. නිදහසක් ලැබීම වෙනුවෙන් අවිහිංසක බලාපොරොත්තුවක් ඔහුට ඇති වුනා. නමුත් කවදා, කෙදිනක ඒ නිදහස ලැබේවිද යන්න පිලිබද අවිනිශ්චිතබාවය මතකයට නැගෙද්දි ඔහුගේ බලාපොරොත්තු එසැනින් සුන් වී ගියා.
කෙටි ගමනකින් පසු කරත්තය යම් ස්ථානයක නතර වෙද්දි යන්ග් මාස්ටර් ජියොන්ගේ දෑස් ටේහ්‍යුන් දෙසට යොමු වුනා.
"" මේ පිටතට පැමිණි පලමු වතාව. මම හරිනෙ?""
"" එහෙමයි යන්ග් මාස්ටර් ජියොන් ""
ටේහ්‍යුන් පිලිතුරු දුන්නේ ඔහුගේ කටහඬ ස්ථාවරව තබා ගැනීමට උත්සහ කරන ගමන්. ටේහ්‍යුන්ගෙ පිලිතුරත් සමග යන්ග් මාස්ටර් ජියොන් හිස වැනුවේ සිහින් සිනහවක් ඔහුගේ කට කොනෙහි ඇදගනිමින්.
"" ම්ම්. යමු මාත් සමඟ! "'"
යන්ග් මාස්ටර් ජියොන්ගේ විධානයත් සමඟ කරත්තයෙන් බිමට බැසි ටේහ්‍යුන් ඔහුගේ දෑස් ඔවුන්ව වට කර තිබූ කාර්යබහුල කඩ වීදිය වටා යැව්වා.
යන්ග් මාස්ටර් ජියොන් ඔහුව වර්ණවත් රෙදිපිළි, සුවඳැති කුළු බඩු, නැවුම් ආහාර පාන යනාදි නොයෙකුත් බඩු බාහිරාදියෙන් පිරි ඉතිරි ගිය වෙළඳ කුටි හරහා ගෙන ගියා.
නමුත් ඒ වෙළඳපොල හුදෙක් ධනවතුන් වෙනුවෙන් පමණක් වෙන් වෙද්දි ඒ හරහා ගමන් කරන ටේහ්‍යුන්ට ලැබුනේ ධනවතුන්ගේ මරණීය බැල්මවල් වල වැළඳගැනීම පමණයි.
අවසානයේ යන්ග් මාස්ටර් ජියොන් නතර වුනේ වෙළඳපොල පර්යන්තයේ තිබූ තරමක් විශාල එහෙත් නිස්කලංක බවක් ඉසිලූ සාප්පුවක් අසල. යන්ග් මාස්ටර් ජියොන් එහි වූ ලී දොර තල්ලු කර සාප්පුව ඇතුලට පිවිසෙද්දි ටේහ්‍යුනුත් ඔහුව අනුගමනය කරමින් සාප්පුව තුළට පිවිසුනා.
YOU ARE READING
Walking Shadow || TK
FanfictionShadows lengthen, whispers low, A silent warning, winds will blow, In the night, the spirits know, Paths once safe, now dangers show. Taekook (sin.) Fanfiction Cover credit : Daisy_III