එකපාරටම එයා කාර් එක නැවැත්තුවා..
නවත්තලා මගේ බෙල්ල පිටිපස්සෙන් අත දාලා එයා මගේ තොල් වලට බර වුණා.. ඒත් ඒක හරියටම හාදුවක් නම් නෙමෙයි.. එයා මාව කිස් කරන ගමන් මගේ යටිතොල හැපුවේ කට ලේ රහ වෙනකොට..
ඒ. සියු.. එ ව් ඔ. ය.. ව්..මො. ක . ද..
මං එයාගේ උරහිසට ගහන ගමන් අත් වලින් එයාව තල්ලු කලා.. එයා මා දිහා රවාගෙන බලාගෙන ඉන්නවා. එයාගේ හුස්ම මගේ මූණට වදින තරම්..
"තමුසේ මගේ.. මගේ විතරයි."
මාව අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.. එයා ආයෙමත් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව තාමත් ඇස් දෙක ලොකු කරගෙන එයා දිහා බලාගෙන හිටියේ...
"බහින්න.. ගෙදර ආවා."
මං වටපිට බැලුවා. ගෙදරටත් ඇවිත්.. ඒත් මට එයාගෙන් අහන්න ඕන වුණා.
"ඇයි එහෙම කලේ.."
එයා ඉස්සරහ බලාගෙන නිහඬව ඉන්නවා.
" සියුල්.. මං අහන්නේ ඇයි එහෙම කලේ.......................... අනිත් එක මං ඔයාගේ වෙන්නේ කොහොමද."
ලේ රහ කටට දැනෙනකොට මගේ යටිතොල රිදෙන්න ගත්තා.
එයා ස්ටියරින් වීල් එකට පහරක් ගහලා මා දිහා බැලුවා..
"තේරෙන්නැද්ද.. මං තමුසෙට ආදරේ කරන්න පටන් අරගෙන.."
ඒ කියපු එකට මාවත් උඩ ගියා.. නොහිතපු වෙලාවක නොහිතපු වචන ටිකක් එයාගේ වචන වලට පෙරළෙන කොට මට හිතාගන්න බැරි වුණා.
මං එහෙමම වාහනෙන් බැහැලා කඩාගෙන ගේ ඇතුළට යනකොට එයාත් වාහනෙන් බැහැලා මගේ පිටිපස්සෙන් දුවගෙන ආවා.
මං කෙලිම්ම උඩ තට්ටුවේ තියෙන මගේ කාමරේට ගිහින් දොරවගහගන්න හදනකොට කොට එයා බලෙන්ම මගේ දොර ආයෙමත් තල්ලු කරලා කොහොමහරි ඇතුළට ආවා.
"හෙයි.. යුවින් යුවින්.. මේ අහන්න.. යුවින් මට සමාවෙන්න.."
එයා මගේ අතින් ඇදලා මාව නැවැත්තුවා.
"මොනවටද මම දැන් සමාව දෙන්නෝනේ.. මාව රිදෙව්වටද.. නැත්තං... මට ආදරේ කරන්න ගත්ත එකටද.."