Chapter 08

84 10 2
                                    

මාව ආයේ නැගිටුණේ සීතලම සීතල වතුර වලින්. ගැස්සිලා නැගිටෙන කොට අභී නැගිටලා මා දිහා දුක හිතෙන ඇස් වලින් බලාගෙන හිටියා. ඒත් එයාට මා එක්ක වචනයක් කතා කරන්න බැරි විදිහට රෙදි පටියකින් කට ගැටගහලයි තිබුනේ. ඒ අත් කකුල් දෙකමත් මගේ වගේම ගැටගහලයි තිබුණේ..බිත්තියේ හයි කරලා තිබුණු දිග දම්වැල් වලින්..

ඈතින් ටොක් ටොක් සද්දෙන් අඩි ඇහෙද්දී මට හිතාගන්න පුළුවන් වුනා.. ඒ ආශූ..

"Good Morning my babe.."

"ඉතින් ඉතින්.. අපි අදවත් අත්සන් කරමුද.. නැත්තං මං කිව්වා වගේ!!!"

"උඹ මොන දේ කලත් මං උඹට මගේ කම්පැනිය ලියලා දෙන්නෑ." මගේ පණ නැති කට මට පුළුවන් තරමකට හෙල්ලුවා.

"ආහ්.. තාමත් ඒමමයි නේද.."

එයා කාමරේ ඇණයක එල්ලලා තිබ්බ දිග කසයක් වගේ එකක් අරගෙන ඒක දෙකට නමාගෙන හෙමීට හෙමීට මා ගාවට ඇවිදගෙන ආවේ නපුරු Smirk එකකුත් දාගෙන. දැන් මට රිදෙන්න ළඟ බව හොඳාකාරවම මං දන්නවා. ඒත් මං බය නෑ වගේ හිටියා..


"තව එකම එක පාරක් අහන්නම්! උඹ - මට - කම්පැනිය - ලියලා දෙනවද - නැද්ද?

"නෑහ්.."

එහෙමම එයා කලේ අර Rope එකෙන් මට ගහගෙන ගහගෙන ගිය එක... ඒ ගහපු හැම පාරක්ම මගේ ඇඟ කිස් කනකොට මං හයියෙන් විලාප දුන්නේ දරාගන්න බැරි තැන. ඒත් එක්කම අභී කෑ ගහන ගමන් දඟලන්න ගත්තේ අඬ අඬ..

ඒත් මං සැලුන්නෑ. ඒ වගේම ආශු සැලුනෙත් නෑ. ටික වෙලාවක් යනකොට එකපාරටම මාව කලන්තේ දැම්මා.. අභීගේ හඬ ඇහෙන්නැතුව ගියා..

"මූට වතුර ගහලා නැගිට්ටවපම්.."

"හරි බොස්."

එකපාරටම මගේ මූණට වතුර බාල්දියක් ආයෙමත් වැටෙනකොට මාව ආයෙම ඇහැරුණා. ඇඟ හැමතැනම දනවා. මං ලාවට ඇස් ඇරලා බැලුවේ අභී දිහා..

"අත්සන් කරනවද නැද්ද.."

මං ආයෙමත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

ඒ ගමන්ම ආශු ගේ මිනිහෙක් ලොකු වතුර බේසමක් උස්සගෙන ආවා..

ඒ ගමන්ම ආශු පිටිපස්සට වෙලා මගේ ඔලුව පිටිපස්සෙන් අල්ලලා මගේ මූණ වතුරට එබුවා.. හුස්ම ගන්න බැරි වෙනකොට මට කරකියා ගන්න දෙයක් නැති වුණා. මං ඔලුව උස්සන්න උත්සහ කලත් බැහැ. ඒ අත් තදේටම මගේ ඔලුව ඔබාගෙන හිටියා.

Falling In Love Where stories live. Discover now