මං බාත් රූම් එකට ගිහින් දොර වහගත්තා. කණ්ණාඩියෙන් මගේ මූණ පේනකොට ඇස් දෙක ගියේ මගේ තුවාල වුණු යටිතොලට. තොල ටිකක් විතර ඉදිමිලත් වගේ. එවෙලේ ආයෙමත් එයා මගේ තොල හපපු විදිහ මතක් වුණා. ඒ ගමන්ම මං එයාව කිස් කරපු එකත් මතක් වුණා..
"ආශ්හ්හ්හ්.." මං මගේ ඔලුවට ගහගත්තා..
"මං නම් මොන ගොනෙක්ද මන්දා.. උබ මොන මඟුලකටද ඒකාව කිස් කරන්න ගියේ යුවින්.. දැන් බලපම්.. ඌ හිතනවා ඇති දැන් උබ ඌට ආදරේ කරනවා කියලා. අහ්හ්හ්හ්.. මට බෑ... මට බෑ ආදරේ කරන්න. මට ඕනි මේ නිදහස. අනිත් එක ඌ මොන වගේ එකෙක්ද කියලා දන්නෙත් නෑ.."
මං ශවර් එක ඔන් කරලා ඔලුව අල්ලගෙන හිටියා............
.
.
.
මං ඔලුව පිහින ගමන්ම ඩයිනින් රූම් එකට ආවා.
"අම්මි කෑම බෙදන්න."
"ආහ්. ආවද. මොකද පරක්කු වුනේ අද නාන්න."
"අහ්. පරක්කුයිද." පැයක් විතර ශවර් එකට ඔහේ ඔලුව අල්ලගෙන කල්පනා කර කර හිටිය නිසා නාන්න පරක්කු වුනු බව දැන දැනම මං බොරුවට පරක්කුයිද කියලා ඇහුවා.
"ආ.. කන්න."
"ම්ම්ම් තෑන්ක්ස් අම්මි."
"හෙට Sunday නේ. ඔයා ෆ්‍රී නම් අපි දෙන්නා පන්සල් ගිහින් එමුද. තාත්ති ඊයේ කෝල් කරලා කිව්වා එයාගේ හිතට හරි නෑ, ඇඟත් අමාරුයි කියලා..අපි බෝධිපූජාවක්වත් කරලා එමු."
(මගේ තාත්තා ඉතාලියේ ජොබ් එක කරන්නේ. එයාගේ අපල නිසා අපි දෙන්නා නිතරම වගේ බෝධිපූජා තියනවා.)
"හරි..යමු එහෙනම්............... අහ් හ්. අම්මි හෙට මං වැඩක් දාගත්තනේ යාළුවෙක් එක්ක. මට අමතක වුනා."
"ආහ්.. ඒමද.. එහෙනම් මාව හරි එක්කන් ගිහින් දානවද. කකුල් අමාරුයි පුතේ. බස් වල යන්න බෑ මට."
"අනේ හරි මගේ අම්මි. මං ඔයාව ඇරලවලා යාළුවා එක්ක වැඩ ටික කරන්න යන්නම්. ඔයා මට කෝල් කරන්න ඔයාගේ වැඩ ටික ඉවර වුනාම."
"මගේ හොඳ පුතා." අම්මිගේ මූණ ආදරයෙන් පිරිලා. මං අම්මිගේ නළලට පුංචි කිස් එකක් දුන්නහම අම්මි මගේ කම්මුලට කිස් එකක් දුන්නා.