"අම්මි අද ඔෆිස් එකේ මීටින් එකක් තියෙනවා. ඒ නිසා මං දැන් යන්නෝනේ. බ්‍රෙක්ෆස්ට් එක එලියෙන් ගන්නම්." මං අම්මට එහෙම කියාගෙන කුස්සියට ගිහින් අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා.
"බුදු සරණයි පුතාට.... අනිවාර්යයෙන් බ්‍රෙක්ෆස්ට් එක ගන්නෝනේ හොඳද.. අද එන්න පරක්කු වෙනවද?"
"හරි අම්මි, නෑ නෑ.. අද මීටින් එක ඉවර වුණු ගමන්ම මං ගෙදර එනවා. ඊටපස්සේ ආයේ යන්නෝනේ හවස ගවීෂයගේ බර්ත්ඩේ පාටි එක තියෙනවා."
"ම්ම්ම් හරි හරි. ඒනම් පරිස්සමින් ගිහින් එන්න පුතේ.."
මං දොරෙන් එලියට යනකොට රෙක්සි (මගේ බව්ව පැටියා) එයාගේ පුංචි නැට්ටත් දෙපැත්තට වන වන ආවා. පැටියා කිව්වට ඌ පැටියෙක් නෙමෙයි ඉතින්, අවුරුදු දෙකක් විතර වයසයි.. මං උගේ ඔලුවත් අතගාල කාර් එකට නැගලා ඔෆිස් එකට යන්න පිටත් වුනා..
H.Y Holdings Company එකේ CEO මම වෙනකොට මේ ටිකේ අලුත් Contract එකක් ලැබිලා තියෙන නිසා ඒ ගැන සාකච්ඡා කරන්න මීටින් එක පැය දෙකක් විතර අදින්න වුනා. දවල් 1 විතර වෙනකොට ගෙදර ඇවිත් ෆෝන් එකත් චාජ් කරන්න දාලා වොශ් එකකුත් දාගෙන ලන්ච් එකත් අරගත්තා. ටිකක් වෙලා ටීවී එකේ ගිය ෆිල්ම් එකක් බල බල ඉන්නකොට කෝල් එකක් ආවා.
"හෙලෝ..."
"හෙලෝ.. යුවිනයා උබ එනවද නේද අද පාටියට!"
"ආ ඔව් ඔව් බං."
"එල එල. 5වෙද්දී වරෙන් ඈ"
"හරි මචං"
ටීක් ටීක් ටීක්...
කාමරේට ආපු නිසාම ඉතින් ඇඳ දැක්කහම ලාවට වගේ නිදිමතකුත් ආපු නිසා ඇඳට පතබෑවුණා...
.
.
.
මට නැගිටුණේ අම්මා කතා කරන හඬට.
"පුතේ... නැගිටින්න.. අර ලමයගේ පාටියට යන්නෝනේ කීවා නේද"
ෆුල් ආත බූත සීන් එකේ හිටපු මට මෙලෝ දෙයක් මතක් වුන්නෑ..
"මො.. මොන පාටියද අම්මි.."
"හරි ශෝක්ක්. දැන් උදේ කියලා ගියා නේද හවස ගවීෂ පුතාගේ බර්ත්ඩේ පාටිය තියෙනවා කියලා!"