Sub Plot
Yuvin's pov:
මං හොඳ වුණාට පස්සේ අපි දෙන්නා ආයෙමත් බීච් එකට ගියා.. එයයි මමයි වැල්ලේ ඉඳගෙන Sun Set එක දිහා බලන් හිටියේ හරිම සැනසීමකින්... අපි දෙන්නගේ මූණේ සැනසුම් හිනාවක් ඇඳිලා තිබුණා.
එකපාට්ටම එයා මට කතා කලා..
"Hey Yuwin.. මට ප්‍රශ්නයක් තියෙනවා."
"අහන්න.!" මං sun set එක දිහා බලාගෙනම උත්තර දුන්නා.
"එදා අපිව හිරකරන් හිටිය Building එකට එකපාට්ටම කොහොමද පොලිසියෙන් ආවේ.."
"හත්තික්කෙ.. ඒක දැන් වෙලා කොච්චර කල්ද අනෙ.."
"නෑ.. ඉතින් කියන්නකෝ.. මට කුතුහලයක් තිබ්බා ඒ දවසේ ඉඳන්ම.. ඒත් අහන්න අමතක වුනා"
"ම්ම්ම් මෙහෙමයි.. මං පොඩි ට්‍රික් එකක් කලා. එදා මං ගෙදරින් පිටත් වෙද්දී පොඩි නෝට් එකක් ලියලා මගේ කාමරේ ඩෙස්ක් එක උඩ තියලා ගියේ."
" අම්මි මං ඉන්නේ Gold Ceramic කියන building එකේ. මාවයි සියුල්වයි හිර කරන් ඉන්නේ ආශු කියලා මිනිහෙක්.. මං අද ගෙදර ආවේ නැත්තං පොලිසියට මේ විස්තර දෙන්න."
"මං ඒක මගෙ lamp එක යට තියලා light එකත් on කරලයි ගියේ. අපේ අම්මි අනිවාර්යයෙන් රෑට නිදාගන්න කලින් මගේ කාමරේ අතු ගාන්න එනවා. එතකොට දකිනවනේ.."
"ම්ම්ම්.. ඔයා smart නේහ්.."
"හැබැයි ඉතින් තව ටිකක් හරි පොලිසිය පරක්කු වුනා නම් ආශු ඔයාට වෙඩි තියනවනේ.. මං සෑහෙන්න බය වෙලා හිටියේ අභී.."
"මං එදා ඔයා වෙනුවෙන් ඕනෙම දේකට මුහුණ දෙන්න ලෑස්ති වෙලයි හිටියේ යුවින්."
"මාත් අභී.. ඔයාට එදා මොනවහරි වුනා නම් මාත් එනවා ඔයාගේ ලෝකෙට.."
එයා මගේ ඔලුව අතගෑවා.
"ඒ තරම් මට ආදරෙයි ද.."
"හ්ම්ම්ම්.. ගොඩාරියක් අභී.. ඔයාට හිතාගන්නවත් බැරි තරමට මං ආදරෙයි."
"මාත් මැණික."
එහෙමම එයා මගේ තොල් වලට බර වුණා. හිතාගන්න පුළුවන්ද .... Sun set වෙන වෙලාවට... මුහුදු හුළඟ ඇඟේ හැප්පෙනකොට.. මුහුදු රළ හෝ ගාලා එකින් එක රළ බිඳෙන හඬ ඇහෙනකොට.. මුහුදු ලිහිනියෝ කෑ ගහන හඬ අතරින් පතර ඇහෙනකොට... තමන්ගේ ආදරවන්තයා එක්ක.. ආදරණීය හවසක් ගෙවෙනකොට.. ඒ ගමන්ම ආදරණීය දෙතොල් හාදුවක් ලැබෙනකොට.. ඒ Feeling එක... හිතාගන්න පුළුවන්ද ඔයාට...
"මං වාසනවන්තයි අභී ඔයා වගේ ආදරවන්තයෙක් ලබපු එකට... "
"මාත් යුවින්..."
අපි තොල් වලින් අයින් වෙලා ආයෙමත් Sun Set එක දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට මං එයාගේ උකුල උඩ ඇල වුණා.. එයාගේ අත් වල ඇඟිලි මගේ හිසකෙස් අතරින් යැවෙනකොට මට දැනුන සනීපෙට එහෙමම ඇස් දෙක වැහුනා..
කාලය නැවතිලා මේ මොහොත අවසාන නොවී දිගටම තියෙනවා නම්... මට හෙමිහිට මිමිණුනා...
සමාප්තයි! 🖤✨️
කොහොමද ළමයි.. ඉතින් කියන්නකෝ කතාව කොහොමද කියලා.. ඔයාලට කලින් කිව්වා වගේම මේක මගේ දෙවෙනි bl කතාව. ඉතින් අඩුපාඩු සෑහෙන්න තියෙන්න ඇති.. ඒත් ඒ අඩුපාඩු හැම එකක්ම තියෙද්දිත් මගේ කතාව කියවපු - වෝට් කරපු - රිප්ලයි කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි! ඒ වගේම ගොඩාරියක් ආදරෙයි...🥺❤️✨️
පොඩි රහසක් කියන්නද? ඊළඟට ගේන කතාව VKook එකක්..🌝 ඒකත් ඉක්මනට අරන් එන්නම්කෝ හොඳද!
එහෙනම්ම්.. ගිහින් එන්නම්ම්. මං ඔයාලගේ යුකී කෙම්ල.. 😚🖤✨️
මේක ඔයාලාගෙන් ගොඩක් අය බලලත් ඇති. VegasPete Red Room Performance එක. ඉතින් එයාලා ගැන තියෙන මතකය අලුත් කරගන්න කැමති නම් ආයේමත් මේක බලන්නකෝ.. 🌝 පෞද්ගලිකව මං ආසම Live performance එකක් මේක. එහෙනම්.. Bye Bye හැමෝටම.. 😚🖤✨️
Yuki Hazel ✨️🖤