~~~ Author POV ~~~
"ජිවේන්....අයියේ....."
.......
ස්කූල් ඇරෙන වෙලාව පහු උණා විතරක්ම වෙද්දී... පපුවට අතත් තියන් හති ඇර ඇර පිළිවෙලින් ten B lotus ක්ලාස් එක...english room එක...drama room එක...වගේ තැන් කීපෙකටම එබී එබී කොරිඩෝ මැද්දෙන් දුවන් ගිය පිරිමි ළමයෙක් පිටුපසින් තමන්ගෙ නම අඬ ගහනවා ඇහෙද්දී දුවන එක නතර කරලා මොහොතකට නතර වෙලා මොනාදෝ අහන්න කටත් හැදුවා....
"කොහේද අනේ ගිහිං හිටියේ... ස්කූල් ආවෙත් නෑ...ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ..."
පොඩි කෙල්ල කවදාවත් නැතිව කේන්තියෙන් වගේ...ඒ ඇස් කොන් වල කඳුලක තෙතකුත් පේන නොපෙනෙන ගාණට ඉතිරිවෙලා තියෙද්දී වෙනදාට හුරතලේට ඇහෙන කටහඬ ඇතුලේ අද තිබුණෙ නොරිස්සුමක් වගේම වේදනාවක්....
"කොළ...ඹ ගියා...අර කි...යපු වැඩේහ්..ට...."
ගෑණු ළමයා දුවගෙන වගේ ළඟට එනකණුත්, පිරිමි ළමයා කරේ හති අරින එක...ඒත් ඒ අස්සේම අහන්න වචන ගොඩකුත් හිත අස්සෙ එකතු කරා...
ඒත් හතර අතේ දුවපු නිසා එක ළඟ වැටෙන හුස්ම...ගෑනූ ළමයා ළඟට ඇවිත් තියෙද්දීත් වචන එළියට දාන එක ටිකකට පරක්කු කරද්දි...ඒ පරක්කුවත් එක්ක අහන්න හදපු දේ එහෙමම හිර කරගෙන අනිත් පැත්තෙන් ආපහු අහපු ප්‍රස්නෙට උත්තර දෙද්දී...දැනටමත් දුකින් පිරිලා තිබුණ හුරතල් මූණ තව ටිකක් දුකින් පිරුණා විතරක් නෙමෙ සලකුණු විතරක් ලකුණු කරපු කදුළු වැල් ආපහු අලුත් වෙලා රෝස කම්මුල් දිගේ පහලට කඩන් වැටුණා...
"........ඒ...ඒ කිය..න්නේ ඔයා යනවා..."
"හ්ම්."
"කව...ද...ටද.."
"හෙට පාන්දර..ෆ්ලයිට් එක..."
"මෙච්චර ඉක්මනින්..!!"
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfiction✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...