📌📌 වස්තුලා....3න් වැනි කොටසේ මුල් කොටස කියවලා මතක් කරන් එන්න පුළුවන් නම් හොඳයි.... 😊 එතකොට මේ savior ගෙයි, ලිට්ල් හීරෝ ගෙයි කතාවෙ අමුතුවෙන් ඔළුව ගැට ගහන්න දෙයක් නෑ... 😊 මේක ඇවිත් එකම කතාවක මැද පරිච්ඡේදයක් විතරයි...ඒත් මේ පුනරුත්ථාපන රෝහලේ කොටස් වල තමා වැදගත්ම දේ හැංගිලා තියෙන්නේ...පුළුවන් නම් හොයාගන්න....🥺❤️💚
2005/08/10
~~~පුනරුත්තාපන රෝහල...~~~
"මං එන්නද ඇතුලට.."
එක අතක කෑම වගයක් දාපු කඩදාසි බෑග් එකකුත් අනික් අතින් පොතකුත් ගත්තු savior උන්නේ ලිට්ල් හීරොගෙ හොස්පිට්ල් රූම් එකේ දොර ළඟ...
දොරට තට්ටුවකුත් දාලා ඇතුලෙන් සද්දයක් නැති තැන දොර ඇරලා කඳෙන් භාගෙකුත් ඇතුලට දැම්මාම savior දැක්කා ඇඳ පාමුල රෝද පුටුවේ වාඩිවෙලා ඉඳගෙන මාස්ක්, අයිස් කැප් , සන්ග්ලාස් වලින් කලබලෙන් එයාවම වහගන්න හදන ලිට්ල් හීරෝව....
එයාව මේ තත්වෙට පත් කරපු ඇක්සිඩන්ට් එකෙන් එයාට ගොඩක් හානි වෙලාලූ... ඉතිං ඒකයි එයා එයාවම මෙහෙම හංගන්නේ..මිනිස්සු එයාව අප්පිරියා කරණාවටත් වඩා එයා බයයි මිනිස්සු එයාට අනුකම්පා කරණාවට...ඒ නිසා එයාට එහෙම ඉන්න දෙන්න...මොන වෙලාවේවත් ඒ ආවරණ වලින් වැහුන මූණ පෙන්නන්න කියලා බලකරන්න යන්න එපා එයාට...නම් ගම් විස්තර අහලා බල කරන්න යන්නත් එපා...ඔය ඉන්න විදිහට එයාට ඉන්න දෙන්න..ලිට්ල් හීරෝගෙ වගේම එයාගෙත් මනෝ චිකිත්සකවරිය උණ ඩොක්ටර් සස්වීනා , මේ ගමන එන්න කලින් savior ට උපදෙස් දුන්නේ එහෙම....
"....මං අමුත්තොන්ට කැමැති නෑ.."
ඉතිං savior , ලිට්ල් හිරෝට තමන්වම හංගා ගන්න දීලා දොර ළඟ පරක්කු උණත් ගොරොසු කටහඬින් ලිට්ල් හීරො කියපු දේට නම් savior ගෙ හිත රිදුණා...
ඒත් කවුද අනේ ගණන් ගන්නෙ...
ලිට්ල් හීරෝව දැකපු මුල්ම දවසෙන් පස්සෙ දවස් 5ක් ගෙවිලා...වෙනදා දවසක් ඇර දවසක් හොස්පිට්ල් ආපු savior
පහුගිය දවස් 5හේම හොස්පිට්ල් ආවා..අහේතුකව නෙමෙ... පුරුදු ගැස්මක් එක්ක හදවත ගස්සපු ලිට්ල් හීරෝ ගැන , savior උන්නේ සෑහෙන්න කුතුහලේකින්...ඒ කුතුහලේ savior ට දවස ගානේ හොස්පිට්ල් එන්න බල කරා...
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfic✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...