ℙ𝕌ℤℤ𝕃𝔼 💔 8 💔 ℍ𝔼𝔸ℝ𝕋

104 14 113
                                    

සෑහෙන කාලෙකට පස්සෙ....අවුරුදු බර ගාණකට පස්සෙ...ජිවේන් උන්නේ ආපහුම ඒ හා කූඩුව ළඟ දනගහගෙන අතීත මතකයක් අතරෙ අතරමං වෙලා...කලින් හිතලා ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවේ...හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් උණ ගමන් හැමෝටම හොරෙන් ආපු වැඩේටමයි ජිවේන් ඊට පහුවදා උණ අදත් ටවුන් එකට ආවේ...

දවස් දෙකකට කලින් කි tag කොල්ලා පස්සෙන් ගෙවාගෙන ගිය වටපිටාවේ ජිවේන් අදත් උදේ පාන්දරම ගණන් කරන්න බැරි තරම් වාර ගාණක් එහා මෙහා ගියා...පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් දුඹුරු පාට කවරයක් තිබුණ ඩයරියක් ගැන ආයි ආයි ප්‍රශ්ණ කරා..ඒත් ඉතිරි උණේ බලාපොරොත්තු කඩ වීමක්ම විතරයි....

ඒකත් ජිවෙන් හිතා මතා අහිමි කර ගත්ත අනික් දේවල් වගේමයි...
ජිවේන්ගේ ආඩම්බරකාර ගති ගුණ වලින් පීඩාවක් නොලබපු එකම වාසනාවන්තයා ඔය පොතේ අයිති කාරයා උණත්....ජිවෙන්ට ලං උණ බහුතරයක් මිනිස්සුන්ට වගේම ඒ පොතටත් ජිවේන් මේ තරම් කල් පුදුම ආඩම්බරකමක් තමා පෙන්නුවේ...

අවුරුදු 19ක් තිස්සේ දුවිලි වැදි වැදි ජිවේන්ගෙ බැල්මක්වත් නොලැබුණ ඒ පුංචි පොත...ජිවේන්ගෙ ආඩම්බර විඳලා විඳලා බැරිම තැන....ජිවේන් කියවන්න කියලා ගත්ත වෙලාවේ එයාගෙ අතින් ගිලිහිලා ගිහිං...හරියට එයාගෙ වීනස්ට වගේම...තව දුරටත් ආඩම්බරකම් නොපෙන්වා ඉන්න තිරණේ කරපු මොහොතේ බලාපොරොත්තු නොවුණ විදිහට අතුරුදන් වෙලා ගිහිං...

දෛවයේ සරදම් කියන්නේ ඕවාට තමා....මාස කීපෙකට ලන් වෙලා උන්න වීනස්ව අවුරුදු 19ක් තිස්සේ ජිවේන් හෙව්වා වගේ...අවුරුදු 19 ක් ළඟ තිබිලා අතුරුදන් උණ පොතකුත් හොයන්න වෙලා...

සමහරවිට ඒ පිටු අස්සෙ අකුරු කරපු කතාව ජිවේන් දැන ගන්නවාට දෛවය තාමත් අකමැති ඇති..නැත්තං ඉතිං හිත හදන් කියවන්න ගත්ත දවසේම අතුරුදන් වෙයිද.....

කොහොම උණත් උදේ යාන්තං 7 ,8 වෙද්දීම ඇවිත් වටපිටාවේ කරක් ගහලා ගහලා ඉතිරි උණේ බලාපොරොත්තු කඩවීමක් විතරයි... ඒ බලාපොරොත්තු කඩ වීමමදෝ ජිවේන්ව එදා වාඩි වෙලා උන්න තැන ඉස්සරහා දිග රතු පාට බැම්ම පහුකරන් චිල්ඩ්‍රන් පාර්ක් එකේ ඇතුලට ගෙනත් තිබුණා....

ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋  ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -Where stories live. Discover now