~~~ 2005 අප්‍රේල් මතක ~~~
"හරි ළමයි....ඔන්න එහෙනම් අපි ටීචර්ස්ලා අමාරුම වැඩේ ඉවර කරා...හිතුවාට වඩා හැමෝගෙම ඉදිරිපත් වීම හොඳයි...ඒත් ඉතිං මඟ ඇරපු අයටත් ඒ වෙනුවෙන් පනිෂ් කරන්නම වෙනවා..."
.......
10, 11 ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්න හැමෝම මිස්ගෙන් ලැබුණ පණිවිඩේ එක්ක drama room එකට එකතුවෙලා හිටියා...ඉතිං අද තමා ඒ දවස...තිරපිටපත් ඉදිරිපත් කරන්න ලැබුණ සති 2කක කාලය ගෙවිලා ගිහිං...විනිෂ්‍ය වෙනුවෙනුත් තව දවස් 3ක් ගෙවිලා ගිහිං අන්තිමේ ඒ තිරණාත්මක මොහොත උදාවෙලා තිබුණා...
"ඇත්තටම අපි බලාපොරොත්තු උනාටත් වඩා ඔයාලා ගොඩක් දක්ෂයි.හැමෝම හොඳ උනන්දුවකින් පවරපු වැඩේ කරලා තිබුණා...රිසල්ට් කිව්වායින් පස්සෙ...අපි මෙතනම තිරපිටපත ගැන කතා කරනවා...මොකද බලාපොරොත්තු නොවුණ තත්වයක් ඇතිවෙලා තියෙනවා..ඒකට අපි කැමැතියි ඔයාලගෙ අදහස් එක්කම තීරණයක් ගන්න..
.......
ළමයි හැමෝම තැනින් තැන හිටගෙන ප්‍රතිපල දැන ගන්න උද්‍යොගෙන් තමන්ගෙ ගුරුතුමීට සවන් දුන්නා...ඇගයිමක් විදිහට තිරපිටපත් ඉදිරිපත් කිරිම ගැන කියද්දි නම් හැමෝම හිතුවෙ මේ මොන කරදරයක්ද කියලා උණත් , වැඩේ කරගෙන යද්දී හැමෝගෙම හිත් වල ලොකු උද්යෝගයක් ඇතිවෙලා තිබුණා...ටිකක් වෙනස් විදිහට පැවරුන වගකීම වෙනුවෙන් හැමෝම උනන්දුවෙන් තමන්ගෙ උපරිමයෙන් කැප උණා...
සාහිත්‍ය මිස් නැවතිල්ලේ විස්තර කියන් යද්දී ජිවේන් සිය දහස් වැනි වතාවටත් පිටිපස්ස හැරිලා දොර දිගා බැලුවා...ආයි ආයි බලාපොරොත්තු කඩ වෙද්දී ඒ මූණ ටිකින් ටික කළු උණා....
එයා නෑ...අර වදකාරයා දැන් දවස් ගාණක් තිස්සේ හොයා ගන්න නෑ...එදා මුලින්ම මුණ ගැහුණ දවසෙන් පස්සෙ ශෞලි සිමෙත් වත් එක්කන් දවස ගානේ ජිවේන්ව හොයන් ආවා...සතියක් තිස්සේම.... එදා චිල්ඩ්රන් පාර්ක් එකේ දි මුණ ගැහෙන දවස වෙනකංම.....
ඒත් තරගෙට තිර පිටපත් ඉදිරිපත් කරන්න...ජිවේන් දිනුවොත් ආපහු කරදර නොකර පැත්තකට වෙන්නත් පොරොන්දු උණ සිමෙත් පහුවදා ඉදන් මේ වෙනකංම අතුරුදන්...
YOU ARE READING
ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -
Fanfic✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥...