ℙ𝕌ℤℤ𝕃𝔼 💔 11 💔 ℍ𝔼𝔸ℝ𝕋

89 16 116
                                    

~~~ වර්තමානය....~~~

"ජිවේන් අයියේ....."

.......

"අයියේ...."

.......

බංගලාවක් වගේ විසාල ගෙදර දොර ජනෙලුත් උදේම ඇරලා දාලා තියෙද්දී ශෞලි කතා කරගෙනම ගේ මැද්දෙන් කුසිය දිහාවට ආවා වෙද්දී තඩි බේසමකුත් අතේ අරන් ජිවේන් කුසියේ දොරෙන් ඇතුලට ආවා...

වෙනදාට වැඩට ඉන්න අය අතට පයට කරලා දෙන වැඩ ඔක්කොම අද ජිවේන් තනියම පටන් අරන්..කොළඹ ඉද්දී කොහොම උණත්...බදුල්ලේ ආවාම , කාලෙකින් ආවත් ගෙදර කියන හැඟීම දැනෙන මේ වහල යට ජිවේන් ඉන්න කැමැති මෙහෙම එයාගෙ වැඩ එයාම කරගෙන නිදහසේ...ඒ නිසාම පපා උයන්න කෙනයි අතුගාන්න කෙනයි කිය කිය සවන්ට්ලා දහයක් විතර එවන්න ඇහුවාට ජිවේන් කැමැති උණේ නෑ...

කලින් කිව්වා වගේ තනියමම ඉන්න නිසා කවුරු හරි එක්කෙනෙක් එවන්නම් කියන වචනෙට කැමැති උණත් තාම එහෙම කෙනෙක් නැති නිසා...අවුරුදු බර ගාණකට පස්සෙ මේ වහල යට තනියමම ගෙවෙන දෙවැනි දවසෙත් ජිවේන් එයාගේ අතින්ම එයාගෙ උදේ කෑම හදන ගමන් හිටියා..

"කොහේද අනේ හිටියෙ ආ...ගුඩ් මෝනිම්.."

"මොකද උදෙන්ම.."

"අම්මොහ්..මහත්තයා උයන්න වගේ ලෑස්ති.."

"ම්..ඇයි ආවේ.උදෙන්ම.."

කොහොම උනත්  හොදන්න දාපු භාජන ලට්ට පට්ටයි , කපන්න කොටන්න ගත්ත එළවලු මස් මාලු දිහයි...කොටින්ම අවුස්සපු කුණු ගොඩක් වගේ තිබුණ කුසිය පුරා බැල්මක් අරන් ගිය ජිවේන්ගෙන් කුකුලත් අතේ තියන් උදේම ආපු ශෞලි  ට , හොඳ පිළිගැනීමක් නම් ලැබුනෙ නෑ....

කිව්වටවත් ආපිට ගුඩ් මෝනිම් නෑ...

පිළිවෙළට පිරිසිදුවට ඉන්න එක අදහාගෙන හිටියත්...කොළඹදි අතට පයට සියලු දේ සිද්ද උණ නිසා අස් පස් කරන විදිහත් ජිවේන්ට අමතක් වෙලයි තිබුණෙ...ඉතිං කිසි දේක තාම පිළිවෙළක් නෑ...ආපහු මේ වැඩ හුරුවෙනකං හරි ජිවේන්ට තමන්ගෙ මේ අපිළිවෙල දරා ගන්න වෙයි...ඒත් වෙන කෙනෙක් ඒක දැක්කාම නිකන් හීන මානේ වගේ  වෙද්දී එළියේ ඉදන් අරන් ආපු තඩි බේසමත් සින්ක් එකට දාලා කලබලෙන් භාජන සොදන්න ගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 06 ⏰

Add this story to your Library to get notified about new parts!

ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋  ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -Where stories live. Discover now