කම්මැලිකමේ ඉඳලා ඉඳලා අන්තිමට අපි බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත උදා වුණා.
ඒ කියන්නෙ ඉන්ටවල් එක.
අපෙ අක්කගෙ කෑම කන්න නිම්නයා මාර ආසයි.මං දෙන්නත් කලින් මූ මගෙ කෑම එක අරන් දිගෑරන් බක පණ්ඩිතයා වගේ කන්න පටන් ගත්තා.ටිකක් වෙලා ගිහින් ඌ උගෙ කෑම එක අරන් දිගෑරලා මගෙ මේසෙ උඩින් තිබ්බා.
"කාපන්!"
අන්තිමට මට කන්න වුනේ උගෙ කෑම එක.
කාලා ඉවර වෙලා අතුරුපස වළඳන්න හිතන් නිම්නයි මමයි කැන්ටිම පැත්තට ගියා.මෙන්න යකෝ කැන්ටිමේ වලියක්.
අද උදේ ඉඳන් ප්රිෆෙක්ට්ස්ලට වලි බේරන්න තමයි වෙලා තිබුනෙ.හොඳ වැඩේ ගල් ඉබ්බො ටිකට.
"ඒ බං අර පහන් අයියා නේද ගහගන්නෙ?"
"මොන පහනෙක්ද බං මං දන්නෙ නෑ"
"අර නිමේක්ෂ අයියත් ඉන්නෙ?"
"ඉතින් දැන් උඹට මොකද්ද තියෙන අමාරුව? මෙන්න මෙහෙ වරෙන් යන්න කප් කේක් එකක් කන්න ඕනි මට"
මං මේකව ඇදගෙන කවුන්ටරේ ගාවට යන්න හදද්දි මුගෙ ඇස් ගෙඩි දෙක තිබුනෙම අර වලිය පැත්තට.මූ ඉතින් විනය භාරගෙ පුතානෙ.තාත්තා වගේම නැතෑ.
"නිමේක්ෂ! අතෑරපන් ඕකව !"
ඒ අස්සෙ මට හෙඩාගෙ සුමිහිරි වොයිස් එකත් ඇහුනා.වලිය එන්න එන්නම ඇවිලෙන පාටයි.
"උඹට ස්ට්රෝබෙරි ද වැනිලද ඕනි?"
මං අරෙහෙ බලලා මෙහෙ බලද්දි මගෙත් එක්ක හිටපු එකා අතුරුදහන්.මූ ගිහින් අර අයියලගෙ වලිය මැද.
මං හිතුවා.ඕකට ඔය වගේ ඒවා දකිද්දි පැටලෙන්නැතුව ඉන්නම බෑනෙ.
"ඒ පහන් අයියෙ! උඹට ප්රශ්නෙ තියෙන මාත් එක්කනෙ? අතෑරපන් නිමේක්ෂව !!"
ආව්ස් අප්පා මුගෙ රැස්.
මූ මගෙ යාලුවමද කියලා මට හිතාගන්න බෑ වෙලාවකට.
මාත් ඉතින් පොඩි එකෙක් වගේ වලියට වටේට වටවෙලා හිටපු එවුන් අතරෙන් ඔලුව දාන් ඒ දිහා බලාගෙන හිටියා.ගහගන්න යන්න බෑනෙ මගෙ අත් දෙකේම කප් කේක් දෙකක් තිබුනනෙ එවලෙ.
YOU ARE READING
මණ්දාකිණි | Nonfiction | BL | Ongoing
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30