6.

12 2 0
                                    

"සමා වෙයන්.මම කොලුකාරයෙක් නෙවෙයි!"

මගෙ කටින් එහෙම දෙයක් පිට වුනේ මගෙ මැද්දට පැනලා පාර හරස් කරගත්තු වලත්ත රට හාවෙක් හින්දා.

මං හය වසරෙ ඉඳන්ම ඌව අඳුනනවා.ඒත් ඌ එදා ඉඳන්ම මගේ ගමනට හරස් වෙන්නමයි බලන් හිටියෙ.

සෙල්ලක්කාර විදියට හැදිලා ඉන්න එකෙක් හින්දා ඌ දකින දකින හැම එකාගෙ කරේ නගින්න එනවා.ඇත්තටම මූ හයේ ඉඳන්ම මහ වාතයක් කියලා තේරුණා මට.මූත් එක්ක බලද්දි ඇඟේ එල්ලෙන්න බලන් ඉන්න කූඬැල්ලො දාහෙන් සම්පතයි.

"මං උඹේ gay ලයිෆ් එක ගැන අහන්න නෙවේ ආවෙ සුදු මහත්තයා!"

මූ එන්නෙම මගෙ ඇඟටමයි.මේ ලෝකෙ මං අහන්න ආසම නැති වචනවලින් එකක් තමයි ඕකා ඔය දැන් මට කියාගෙන ආවෙ.අම්මපා තව අඩියක් හරි මූ මගෙ ළඟට ආවොත් මං මුට පියෙක් වෙන්න තියෙන අවස්ථාව නැති කරවලා දානවා කියලමයි හිතාගෙන හිටියෙ.

"අනේ නිකන් පැත්තකට වෙලා හිටපන් ප##!"

ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ මටත්.

හැබැයි මං මගේ සීමාව පනින්න කලින් මුගෙ හොම්බට දෙකක් ඇන්නා.ඒක වෙලා තත්පර දෙකක් ඇතුළත හතර වටේම ඉන්න කොල්ලො කුරුට්ටො අපේ පංති තිබුනු බිල්ඩින්ග් එකේ දෙවනි පඩිපෙල දිගට සෙට් වුණේ මීඩියා එකෙන් උණුසුම් පුවත් උණුපිට කෝප්පෙට දාගන්න එනවා වගේ.

"ඕෂධ තෝ හිතන් ඉන්නෙ සෙක්ෂන් ෆ'ස්ට් වුන පලියට තෝ මහලොකු උගතා කියලද?රෙද්ද තමා! හිහ්! උඹෙ උගත්කම කොහෙ තියලද උඹ ක්ලබ් ගානෙ ඇවිදින්න ගියේ!? කියහන් !"

මූ මගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් තද කරලා අල්ලන් මාව බිත්තියට හේත්තු කරගත්තා.දැන් නම් නහුතෙට දාඩිය දාලත් එක්ක හිටියෙ මම.

අනික මූ මේ කියවන අවලන් කතා මොනවද කියන්න මංවත් දැනන් හිටියෙ නෑ.

"මොනවද උඹලා මෙතන කරන්නෙ!??පලයව් පංතිවලට !!!"

අහලා පුරුදු කටහඬක්.

ඒත්..

මේ වෙලාවෙ පරණ ප්‍රිෆෙක්ට්ස්ලා ඔක්කොලාම හිටියෙ හෝල් එකේ හින්දා මං හිතුනෙ මගෙ කනේ දෝසයක් වෙන්න ඇති කියලා.

මණ්දාකිණි | Nonfiction | BL | Ongoing Where stories live. Discover now